Connect with us

විදෙස්

කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Published

on

Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි.

මෙම නිවේදනය සිදුකරන්නේ Covid-19 ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශ වී තුන් වසරකට පසුවයි.

බලධාරීන් පවසන්නේ 2021 ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩිව පැවති කොවිඩ් මරණ අනුපාතය 2023 අප්‍රේල් 24 දිනය වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන වෛද්‍ය ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් මහතා පවසා ඇත්තේ  නිල ඇස්තමේන්තුව අනුව කොවිඩ් වසංගතයෙන් මිලියන 07ක් පමණ මියගොස් තිබුණද, සත්‍ය සංඛ්‍යාව මිලියන 20කට පමණ විය හැකි බවයි.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, කොවිඩ් වෛරසයේ සැලකිය යුතු තර්ජනයක් ලෙස තවමත් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.

පවතින තත්ත්වයේ වෙනසක් ඇතිවුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කළ හැකි බවද ඔහු පැවසීය.

“ඕනෑම රටකට මෙම අවස්ථාවේ කළ හැකි නරකම දෙය නම්, මෙම ප්‍රවෘත්තිය භාවිතා කර, සිය රටේ ආරක්‍ෂාව අඩු කිරීමට, එම රට විසින් ගොඩනඟා ඇති පද්ධති බිඳ දැමීමට හෝ Covid-19 ගැන කරදර වීමට කිසිවක් නැති බවට එහි ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම,” යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.

විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

Published

on

By

ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඒ අනුව අද අලු‍යම සිට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ ගාසාහි විශාලම රෝහල්වල කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු අඩාල වී රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ද සඳහන්ය.

Continue Reading

විදෙස්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර

Published

on

By

රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය ⁣මෙය වේ.

ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත් වී ඇති අතර ඉන්  කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු  දිවි බේරාගෙන තිබේ.

ඉන් කිහිපදෙනෙකු හූතී කැරළිකරුවන් විසින් පැහරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලයිබීරියානු ධජය සහිත ග්‍රීක එටර්නිටි සී නෞකාවට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 25 දෙනෙකු එහි සිට ඇතැයි සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාව මුහුදුබත් වීමෙන් කාර්ය මණ්ඩල සාමජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.

අදාල නෞකාව ඊශ්‍රායලය බලා යාත්‍රා කිරිම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බව හුති කැරළිකරුවන් පවසා තිබේ.

Continue Reading

විදෙස්

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

Published

on

By

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved