Connect with us

විදෙස්

ඕස්ට්‍රේලියාවට අලුතෙන් පැන්ඩාවුන් දෙන්න චීනය සූදානම්

Published

on

පැන්ඩා සංරක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාව හා සිදුකරන සහයෝගීතාවය තවදුරටත් දීර්ඝ කිරීමට චීනය සූදානම් බව චීන අගමැති ලී චියැං මහතා පවසයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන ඔහු, මේ බව පැවසුවේ ඇඩලේඩ් සත්වෝද්‍යානයේ සංචාරයකට එක්වෙමිනි.

ඕස්ට්‍රේලියාවේ යෝධ පැන්ඩා සතුන් දැකිය හැකි එකම ස්ථානය ඇඩලේඩ් සත්වෝද්‍යානයයි. මෙහි සිටින වාං වාං හා ෆූ නී නැමැති පැන්ඩා සතුන් දෙදෙනා මේ වසර අවසානයේදී යළිත් චීනයට ගෙන යාමට නියමිතයි.

එබැවින් ඔවුන් වෙනුවට නව පැන්ඩා සතුන් දෙදෙනෙකු ඇඩලේඩ් සත්වෝද්‍යානයට ලබාදීමට චීනය සූදානම් බව ලී අග්‍රාමත්‍යවරයා පවසා ඇත.

දකුණු අර්ධද්වීපයටම සිටින එකම යෝධ පැන්ඩා යුවළ මොවුන් බවත්, ඔවුන් දෙරට අතර මිත්‍රත්වයේ තානාපතිවරුන් බවට පත්ව ඇති බවත් ලී මහතා වැඩිදුරටත් පවසා තිබේ

පුවත්

ලොවපුරා Microsoft Windows පරිශීලකයින්ට BSOD දෝෂ බාධා

Published

on

By

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකගේ Blue Screen of Death (BSOD) දෝෂය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා සමාගම්, බැංකු සහ රජයේ කාර්යාල කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම සඳහන් කරන්නේ මෑත කාලීනව Crowd Strike හි සිදුකළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවය.

Continue Reading

පුවත්

බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී

Published

on

By

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගොඩනැගිල්ලට ගිනි තැබූහ.

කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බව ද පැවැසෙයි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වූහ. ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

Continue Reading

පුවත්

බයිඩන්ට කොවිඩ්

Published

on

By

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ‘කොවිඩ් 19’ ආසාදනය විය.

නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඉදිරිපත් වෙයි. ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ බැවින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද පැවසේ.

බයිඩන්, කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙනි. මේ වනවිට බයිඩන් සිය ඩෙලවෙයාර් ජනපදයේ රෙහෝබෝත් නිවසේ හුදෙකලා වී සිටින බව ධවල මන්දිරයෙන් වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved