Connect with us

විදෙස්

චීනයේ චංග්’අ 6 ලෑන්ඩරය සාර්ථකව සඳ මතට

Published

on

චංග්’අ 6 යානය සාර්ථක ලෙස චන්ද්‍රයා මතුපිට ගොඩබැස ඇති බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පවසයි.

මෙම යානය ජුනි 01වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 06.23ට චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රැවයේ එයිට්කන් බේසමට ගොඩ බැස තිබේ.

මෙහි අරමුණ වන්නේ පළමු වරට චන්ද්‍රයාගේ මෙම ප්‍රදේශයේ පාෂාණ හා පස් සාම්පල රැස්කිරීමයි.

චන්ද්‍රයාගේ පෘථිවයට නොපෙනෙන පැත්තෙන් පාෂාණ සාම්පල රැස්කෙරෙන්නේ මානව ඉතිහාසයේ පළමු වරටයි.

යානය මැයි 03 වැනිදා අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව චංග්’අ 6 යානය චන්ද්‍රයා හා කක්ෂගත විය. චන්ද්‍රිකා ආධාරයෙන් නිසි ස්ථානයේ ගොඩබැස්සවූ මෙහි ලෑන්ඩර කොටස, දින දෙකක් පුරා සාම්පල රැස් කිරීමට නියමිතයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ මෙන්ම ප්‍රංශයේ හා ඉතාලියේ නිපදවූ තාක්ෂණික උපකරණද මෙම ලෑන්ඩරයට සවිකර තිබීමයි.

විදෙස්

රජයේ සේවකයින් 1,300ක් සේවයෙන් ඉවත් කිරීමට නියෝග

Published

on

By

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු රජයේ සේවකයින් 1,300ක් සේවයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී දෙවන වරටත් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ඔහු විවිධ පරිපාලන ප්‍රතිසංස්කරණ පියවර ගනිමින් sitii.

මෙම සන්දර්භය තුළ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයින් 1,300ක් සේවයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් නියෝග කර ඇත.

ඒ අනුව, එක්සත් ජනපදයේ ගෘහ සේවයේ යෙදී සිටි සේවකයින් 1,107ක් සහ විදේශ සේවයේ යෙදී සිටි සේවකයින් 246ක් සේවයෙන් ඉවත් කරන බව වාර්තා වී ඇත.

තවද, පරිපාලන ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස මෙම සේවකයින් සේවයෙන් ඉවත් කරන බව එක්සත් ජනපද ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

කඩා වැටුණු එයාර් ඉන්දියා යානයේ ඉන්ධන සැපයුම කැපුවේ කවුද?

Published

on

By

ගුජරාටයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කරද්දී, කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවට අනුව, යානයේ නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කෙරෙහි මේවනවිට වැඩි අවධානයක් යොමු වී ඇත.

ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත් පියසැරි දත්ත සටහනේ පටිගත වූ නියමුවන් දෙදෙනාගේ කතාබහ අනුව, අනතුර සිදුවෙද්දී යානයේ, ඉන්ධන සැපයුම් විසන්ධි වී තිබුණු බව තහවුරු වී ඇත.

නියමු කුටියේ හඬ පට අනුව, එක් නියමුවකු අනෙක් නියමුවාගෙන් විමසන්නේ, ඇන්ජින්වලට ඉන්ධන කපා හැරියේ ඇයි යනුවෙනි. දෙවැනි නියමුවා පිළිතුරු දෙන්නේ තමන් එසේ නොකළ බවය. ඒ සමඟ යානය කඩා වැටී ඇත.

ජූනි 12 වැනිදා සිදුවුණු මෙම ගුවන් අනතුරින්, යානයේ සිටි 241 දෙනාට අමතරව, බිම සිටි 19 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.

(බීබීසී)

Continue Reading

විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

Published

on

By

ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඒ අනුව අද අලු‍යම සිට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ ගාසාහි විශාලම රෝහල්වල කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු අඩාල වී රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ද සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved