Connect with us

විදෙස්

ජෝ බයිඩන්ට පිළිකාවක්

Published

on

ඇමරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

හිටපු ඇමරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82 වන වියේ පසුවේ.

මෙම පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ඔහුගේ අස්ථි දක්වා  පැතිරී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගියකු බව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය.

පසුගිය ජනවාරි මාසයේ ධුරයෙන් ඉවත් වූ බයිඩන් මුත්‍රා ආසාදනයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසුවයි මේ බව අනාවරණය වී ඇත.

බයිඩන් හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ කාර්යාලය තවදුරටත් පැවසුවේ පිළිකා තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බවය.

මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජෝ බයිඩන්ගේ මෑත කාලීන රෝග තත්ත්වය ගැන අසා කණගාටු වන බව පවසා තිබේ.

පුවත්

චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි

Published

on

By

9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ආරම්භ විය. 

“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි.

සමස්ත ප්‍රදර්ශන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ලක්ෂ 1.6කින් යුක්ත වන අතර එය විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16ක් සමන්විත ය.

හරිත බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා හා සංස්කෘතික සංචාර ඇතුළු චීනය හා දකුණු ආසියානු රටවල් අතර ආර්ථීක වෙළඳ සහයෝගිතාවේ වැඩි අවස්ථා හිමි වන කර්මාන්ත එහිදී ප්‍රදර්ශනය කෙරේ.  

මෙම වසරේ, ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. 

විශේෂයෙන්, චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි.

මෙය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවට පත් කර තිබීම ද විශේෂිතය.

ඡායාරූප – CGTN ඇසුරෙනි

Continue Reading

විදෙස්

ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම් තවදුරටත්

Published

on

By

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් පැවතුනහොත් දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටියරේස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊශ්‍රායල – ඉරාන ගැටුම් උත්සන්න වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය.

ඒ , කඩිනමින්,  සටන් විරාමයක් අවශ්‍ය බව නැවතත් අවධාරණය කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ මෙම ගැටුම මැදපෙරදිග කලාපයට මෙන්ම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් බවය.

ඊයේ රාත්‍රියේද ඉරානය විසින් ඊශ්‍රායලයට තවත් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා ක‍ළේ ය.

ඉරාන ප්‍රහාර වලින් මේ දක්වා ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 24 කී.

ගත වූ පැය 24 තුළ ඉරානයේ ස්ථාන  40කට  ප්‍රහාර එල්ල කල බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල බුද්ධි අංශ වාර්තා කළේ, ප්‍රහාරක ජෙට් යානා 25ක් යොදා ගනිමින්  ඉරාන මිසයිල ගබඩා  සහ ඉරාන හමුදා ක්‍රියාකාරි ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවය.

ඒ අනුව ගත වු දින 5ක් තුළ ඉරාන ඉලක්ක 1,100කට පහර දි තිබේ.

ඊශ්‍රායලය පැවසුවේ  ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 240 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.

මේ අතර ඉරානය තමන්ගෙන් උපකාර ඉල්ලා නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් පවසයි.

ජනධිපතිවරයා  පැවසුවේ මෙම ගැටුම් සම්බන්ධ තීරණ එම රටවල දේශපාලන නායකත්වයට, භාර දිය යුතු බවයි.

මේ අතර ඉරාන බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් කැමති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළේ, ඉරානයට න්‍යෂ්ටික ගිවිසුමක් සදහා එකඟ වීමට අවස්ථාවක් පැවති බවත් ඔවුන් ඒ සදහා එකඟ නොවූ බවයි.

ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළ නමුත් ප්‍රහාර සදහා සහාය දීමට අවසන් තීරණයක් ගෙන නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඉරානයේ අධ්‍යාත්මක නායක අයතුල්ලා අල් කමේනි පැවසුවේ ඉරානයට එරෙහි ප්‍රහාර සදහා අමෙරිකාව සම්බන්ධ වුවහොත් ඊට වැළැක්විය නොහැකි ප්‍රතිවිපාක ලැබෙනු ඇති බවයි.

මේ අතර හෙට දින විශේෂ රැස්වීමක් කැදවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ දැනට පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම් අනුව මෙම හදිසි රැස්වීම කැදවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පැවසුවේ තම රටද ඒ සදහා සහභාගී වන බවයි.

Continue Reading

විදෙස්

Air India ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩුකරයි

Published

on

By

ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ජුලි මස මැද භාගය වන තෙක් ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙයි.

ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක් දැරීමට සිදුනොවන ආකාරයෙන් විකල්ප හඳුන්වාදීමට ද එයාර් ඉන්දියන් සමාගම පියවර ගෙන තිබේ.

පසුගිය 12 වනදා ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුළ කඩා වැටීමෙන් එම යානයේ මගීන් ඇතුළු 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved