Connect with us

විදෙස්

ජෝ බයිඩ්න් ඇදවැටේ

Published

on

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් උත්සවයක් අතරතුරදී පය පැටලී බිම ඇදවැටී තිබේ.

ලොව වයස්ගතම ජනාධිපතිවරයා වන 80 හැවිරිදි බයිඩ්න්, මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුරදීය.

රහස් සේවා නිලධාරීන් දෙදෙනෙකු හා ගුවන් හමුදා නිලධාරියෙකු ගේ සහය සහිතව ඔහු යළි නැගිට ඇත.

ඔහුට කිසිඳු තුවාලයක් සිදුවී නැති බවද ධවල මන්දිරයේ සන්නිවේදන ප්‍රධානියා පසුව ප්‍රකාශ කර තිබේ.

බයිඩ්න් ජනාධිපතිවරයා භාවිතා කළ ටෙලිප්‍රොම්ප්ටරය වැලි කොට්ට දෙකක් මත තබා ඇති අතර,  ඔහු ඇද වැටී ඇත්තේ මෙම වැලිකොට්ට වල පැටළී බව වාර්තා වේ.

විදෙස්

‘හැරී – මේගන්’ යුවළ ලොස් ඇන්ජලිස් යයි

Published

on

By

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වෙත මේ සතියේ බලපෑ ලැව්ගිනි හේතුවෙන් විපතට පත් වූවන් මුණගැසීමට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් කුමරිය පැමිණ තිබේ.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිකුරාදා පැසඩෙනා සම්මේලන මධ්‍යස්ථානයට ගිය අතර එය ඇල්ටඩෙනා හි ඊටන් ගින්නෙන් විපතට පත් වූවන් රැදවීමේ ස්ථානයක් බවට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් විසින් 1,200 ක් පමණ ඉවත් වූවන්ට ආහාර බෙදා දී ඇති බවය. 

පැසඩෙනා නගරාධිපති වික්ටර් ගෝර්ඩෝ පැවසුවේ හැරී කුමරු සහ මේගන් බොහෝ දෙනෙකුට උදව් කිරීමට එක්වූ බවය.

මේ අතර හැරී කුමරු සහ මේගන් බ්‍රහස්පතින්දා ඔවුන්ගේ වෙබ් අඩවියේ නිල ප්‍රකාශයක් පළ කරමින් ලැව්ගිනි විනාශකාරී ලෙස හැඳින්වීය. ගින්නෙන් විපතට පත් වූවන්ට සහාය ලබා දෙන සංවිධානවලින් ඉල්ලීමක් ද කර තිබුණි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප් නිදහස්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ” දඬුවමක් නියම කර තිබේ. 

ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ඉතිරි කරමින් විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් කර ඇත.

ට්‍රම්ප් නිව් යෝර්ක් උසාවියේ නඩු විභාගයට පළමවරට පෙනීසිටි අතර ඒ සඳහා ඔහු වීඩියෝ සබැඳියක් උපයෝගී කර ගන්නා ලදී . ඔහුගේ නීතීඥවරයා සමඟ වාඩි වී ගල්ගැසුනු මුහුණකින් පෙනී සිටිමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙය විහිළුසහගත නඩු විභාගයක් බවය. විනිසුරු ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවත් නඩු විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ට්‍රම්ප් පවසා තිබේ.

නඩු පැවරීම කළ පාර්ශවයද කිසිදු සිර දඬුවමක් , පරිවාසයක් හෝ දඩයක් ඉල්ලා නැත. ඒ අනුව යමින් විනිසුරුවරයාද තීන්දු කර ඇත්තේ එල්ල වූ සියලු චෝදනාවලට ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වූවත්, ඔහුව නිදහස් කරන බවය.

මෙය “භයානක අත්දැකීමක්” වූවත් තමන් “සම්පූර්ණයෙන්ම නිර්දෝෂී” බව ට්‍රම්ප් එහිදී පවසා තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මර්චන් මෙය “අසාමාන්‍ය නඩුවක්” ලෙස හඳුන්වා ඇති නමුත් ඊට විශාල අවධානයක් ලැබුණු බවයි පවසා ඇත .
නමුත් මෙයත් සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයන් සහිත වූවක් බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන්ය .

පසුගිය මැයි මාසයේදී, වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවූ මුදල් පිළිබඳ ව්‍යාජ ලේඛන සකස් කිරීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු විය. එහි තීන්දුව ඊයේ (10) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව, අමෙරිකානු ඉතිහාසයේ, අපරාධ චෝදනා 34කට වරදකරු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපති ධූරයේ වැඩ භාරගනු ඇත.

Continue Reading

විදෙස්

දකුණු කොරියානු ජනාධිපති අධිකරණ තීන්දුව පිළිගැනීමට සූදානම්

Published

on

By

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසයි.

මෙම තීන්දුව ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ රටේ ඉහළම අධිකරණ දෙකෙන් එකක් වන අතර එම අධිකරණයේ තීන්දු අභියාචනා කළ නොහැක.

මේ අනුව දකුණු කොරියානු නායකයාට තම ජනපති ධූරය අහිමිවනු ඇති.
මෙය බලයේ සිටින ජනාධිපතිවරයෙකු සඳහා අධිකරණයක් කළ පළමු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවවන අතර, තම නඩුව වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටීමට කැමැත්තෙන් සිටින බවත් ජනපතිවරයා පවසා තිබේ.

දෙසැම්බර් 3 වන දින ඔහුගේ යුද නීති යෝජනාව සමඟ දකුණු කොරියාවේ කැරැල්ලක් ඇතිවූ අතර, ජනපතිවරයාට පක්ෂව සහ විපක්ෂව තවදුරටත් ජනතාව පෙළ ගැසෙමින් සිටින අයුරු දක්නට හැකිය.

මේ නිසා අධිකරණ තීන්දුවට හිස නමමින් ධූරයෙන් ඉවත් නොවුනහොත් රටපුටා තවත් විශාල කැරැල්ලක් ඇති වෙතැයි ජනපති සිතන බැවින් මෙලෙස, අධිකරණ තීන්දුව පිළිගෙන ධූරය අත්හැරීමට කැමැත්ත පළ කර ඇති බව ඔහුගේ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved