Connect with us

විදෙස්

ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

Published

on

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ, මින් ඉදිරියට කාන්තා ක්‍රීඩාව කාන්තාවන්ට පමණක් වනු ඇති බවයි.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට ද රජයේ ආයතන සඳහා මෙම නියෝගය මගින් බලය ලබා දෙනු ඇති.

ඔහු බලයට පත්වීමෙන් පසු සංක්‍රාන්ති ලිංගිකයන් ඉලක්ක කර ගනිමින් ගත් නවතම පියවර එයයි.

සංක්‍රාන්ති ලිංගික පිරිස අමෙරිකානු ජනගහනයෙන් සුළුතරයක් වන අතර එය ද නොතකා මෙම පියවර ගෙන ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

විදෙස්

මධ්‍යසාර නිෂ්පාදන සඳහා 200%ක බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Published

on

By

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන මධ්‍යසාර වෙනුවෙන් 200%ක බදු පනවන බවට තර්ජනය කර තිබේ.

ඒ අනුව, මේ වන විට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබන රටවල් 193ක් වෙනුවෙන් මෙම තීරුබදු බලාත්මක වනු ඇත.

පසුගියදා එක්සත් ජනපදයේ නිෂ්පාදිත විස්කි සඳහා යුරෝපා සංගමයේ රටවල් 50% ක ආනයන බද්දක් පැනවීමට ප්‍රතිචාර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) දිනයේදී මේ බව නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර තීරුබදු පොරොන්දු වූ අතර දැන් එම පොරොන්දු ඉටු වෙමින් පවතී. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ මෙම තත්වය දිගටම පවතින්නේ නම් එක්සත් ජනපද ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරනු ඇති බවයි.

Continue Reading

විදෙස්

Sheikh Hasina ගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ

Published

on

By

හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ ඩකාහි අධිකරණයක් විසින් බව වැඩිදුරටත් වාර්තා වේ.

තවද, ඇගේ පවුලට අයත් බැංකු ගිණුම් 124 ක් අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කළ බව නිලධාරීහු පවසති. දූෂණ විරෝධී කොමිසම (ACC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඩකා මෙට්‍රොපොලිටන් ජ්‍යෙෂ්ඨ විශේෂ විනිසුරු සකීර් හොසේන් ගලිබ් අඟහරුවාදා මෙම නියෝගය නිකුත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

හසීනාගේ සැමියා වන අභාවප්‍රාප්ත න්‍යෂ්ටික විද්‍යාඥ එම්ඒ වාසෙඩ් මියා, සුධා මියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. ‘සුධාසදන්’ නම් නිවස ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඒ අනුවය. හසීනාට අමතරව ඇගේ පුත් සජිබ් වාසෙඩ් ජෝයි, දියණිය සයිමා වාසෙඩ් පුටුල්, සහෝදරිය ෂෙයික් රෙහානා සහ ඇගේ දියණියන් වන ටියුලිප් සිද්දික් සහ රඩ්වාන් මුජිබ් සිද්දික් යන අයට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කරගෙන ඇත.

Continue Reading

විදෙස්

ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදා ගැනේ

Published

on

By

පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබේ.

පෙරේදා දහවල් බලොකිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය කෙරුණු ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය, කැරලිකරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්විය.

එම අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් සංඛ්‍යාව, 400 කට අධිකයි.

පැය 48 ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමග දුම්රිය පුපුරුවා හරින බවට සටන්කාමීන් අනතුරු ඇඟවුවේ ය.

පකිස්තාන ආරක්ෂක අංශ නිවේදනය කළේ , දැඩි පරිශ්‍රමයකින් දරා සිවිල් වැසියන් මුදා ගැනීමට හැකිවූ බවයි.

දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33 දෙනාම ඝාතනය කළ බව ද පකිස්තාන බලධාරීන් සදහන් කළේ ය.

දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු මියගොස් තිබේ.

‘බලොක් විමුක්ති හමුදාව’ නැමැති අදාළ කැරලිකරුවන් පිරිස දුම්රිය මාර්ගය පුපුරුවා හැරීම හේතුවෙන් ආරක්ෂක අංශ එම ප්‍රදේශයට ළඟාවූයේ දැඩි අසීරුතා මධ්‍යයේ ය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved