Connect with us

විදෙස්

තමිල්නාඩුවේ කැන්ඩිෆ්ලොස් තහනම් වෙයි

Published

on

ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය පැණිරස කෑමක් වන කැන්ඩිෆ්ලොස් තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසුගිය සතියේදී තීරණය කර ඇත.

ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ලබාගත් කැන්ඩිෆ්ලොස් සාම්පල වලින් Rhodamine-B නම් පිළිකා කාරකය හමුවීමත් සමගයි. 

වර්ණවත් රෝස පැහැයක් එක් කරන මෙම රසායනික සංයෝගය, රෙදිපිළි, ආලේපන සහ තීන්ත වර්ණ ගැන්වීමට භාවිතා කරනු ලබයි.

මෙම රසායනිකය මගින් පිළිකා අවදානම ඉහළ යා හැකි බව අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇති අතර, යුරෝපය සහ කැලිෆෝනියාව විසින් මෙය ආහාර වර්ණකයක් ලෙස භාවිතා කිරීම නීති විරෝධී කර තිබේ.

ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත වෙත අදහස් දක්වමින් තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ආහාර සුරක්ෂිතතා නිලධාරී – පී. සතිෂ් කුමාර් මහතා පවසා තිබුණේ මෙහි ඇති අපවිත්‍ර ද්‍රව්‍ය වලින් පිළිකා ඇති විය හැකි බවත්, එය ශරීරයේ සියලුම අවයවවලට බලපෑම් කළ හැකි බවත්ය.

ඔහුගේ කණ්ඩායම විසින් පසුගිය සතියේ චෙන්නායි නගරයේ වෙරළ තීරයක රසකැවිලි අලෙවි කරන්නන් වටලා තිබුණු අතර, කුමාර් මහතා පැවසුවේ නගරයේ අලෙවි කරන කැන්ඩිෆ්ලොස් ස්වාධීන අලෙවිකරුවන් විසින් සාදන ලද ඒවා මිස ලියාපදිංචි කර්මාන්තශාලා වල සෑදූ ඒවා නොවන බවට හෙළි වූ බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් තමිල්නාඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාද පවසා තිබුණේ “ආහාර ඇසුරුම් කිරීමේදී, ආනයනය කිරීමේදී, විකිණීමේදී හෝ මංගල උත්සව සහ වෙනත් පොදු උත්සවවලදී ආහාර පිරිනැමීමේදී Rhodamine-B රසායනිකය භාවිතා කර තිබීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

මීට සති කිහිපයකට පෙර, පුදුචෙරි යුනියන් ප්‍රදේශයද කැන්ඩිෆ්ලොස් තහනම් කර තිබුණි.

මේ අතර, කැන්ඩිෆ්ලොස් වල මෙම පිළිකා කාරකය ඇතිදැයි නිර්ණය කිරීමට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයද  පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තවද, එරට නිව් ඉන්ඩියා එක්ස්ප්‍රස් පුවත්පතද මේ සතියේ වාර්තා කර තිබුණේ නවදිල්ලියේ ආහාර සුරක්ෂිතතා නිලධාරීන්ද කැන්ඩිෆ්ලොස් තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

(බීබීසී පුවත්)

විදෙස්

ඉන්දියා – පාකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා

Published

on

By

ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කරන්නේ දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවය.

මේ අතර ‘සින්දූර්’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ ආරක්ෂක අයවැයට රුපියල් කෝටි 50,000 ක වැඩිවීමක් විය හැකි බව රජයේ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ යළි ඉන්දියාව හා පාකිස්ථානය අතර යුදමය තත්ත්වයක් ඇතිවූ අතර, පසුව දින කිහිපයක් පැවති අවි ගැටුම් නතර කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර තිබුණි.

Continue Reading

විදෙස්

සාම සාකච්ඡාවලට නො එන බව  පුටින්   පවසයි

Published

on

By

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද  එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

Continue Reading

විදෙස්

අධිවේගී මාර්ග අනතුරකින් 21ක් මරුට

Published

on

By

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved