Connect with us

විදෙස්

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

Published

on

දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි. 

මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

එරට බලධාරීන් පැවසුවේ කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති නමුත් පසු කම්පන ගැන අනතුරු ඇඟවා ඇති බවයි.

විදෙස්

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

Published

on

By

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහයද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීම පියවර ගෙන තිබුණි.

දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිමට සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Continue Reading

විදෙස්

වසර 160,000කට පසු දිස්වන “ඇට්ලස්”

Published

on

By

ඉදිරි දින කිහිපය තුළ වසර 160,000කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයි.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2025 මෙම මාසයෙන් පසුව තවත් කෙතරම් කාලයකින් අනතුරුව මෙවැනි වල්ගා තරුවක දිස්වීමක් ගැන පුරෝකථනය කිරීම අසීරු බවට නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවය.

මෙම වල්ගා තරුව C/2024 G3 (ඇට්ලස්) නමින් නම්කර තිබේ.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට පහසු තරම් දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස්වන බව වාර්තා වේ.

මෙම වල්ගා තරුව ඊයේ (13) දින රාත්‍රියේ දී සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි ස්ථානගත විය.

එය ලොව පුරා වැසියන්ට නිරීක්ෂණය වන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වල්ගා තරුව සිකුරු ග්‍රහලෝකය මෙන් දැඩි දීප්තියකින් යුක්ත වේ.

එය දකුණු අර්ධ ගෝල වැසියන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය වන බව සඳහන්ය.

ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්වවිද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පැවසුවේ “වත්මන් කක්ෂීය ගණනය කිරීම්වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3ක් පමණ ගමන් කරන බවත්, එය “හිරු- ස්කිර්ටිං” වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කරන බවය.

උතුරු අර්ධගෝලයේ රාජ්‍යයන් වන එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලට මෙය සමීපව නිරීක්ෂණයට ද හැකි වේ.

Continue Reading

විදෙස්

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා  ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බවයි වාර්තා වේ.

කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව සඳහන්ය.

පතලේ සිරවි සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනීම සිදුවිය.

ගලවා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරින් පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved