Connect with us

විදෙස්

නව ප්‍රංශ අගමැති මයිකල් බාර්නියර්

Published

on

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ.

ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුවය.

73 හැවිරිදි බාර්නියර් යුරෝපා සංගමයේ හිටපු ප්‍රධාන බ්‍රෙක්සිට් සාකච්ඡාකරු වන අතර 2016 සහ 2019 අතර එක්සත් රාජධානියේ රජය සමඟ සාකච්ඡා මෙහෙයවූ අයෙක් වන අතර දක්ෂිනාංශික රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රවීණයෙකු වන ඔහු දිගු දේශපාලන ජීවිතයක් ගත කර ඇති අතර ප්‍රංශයේ සහ යුරෝපා සංගමය තුළ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා තිබේ.

කිසිවකුටත් පැහැදිලි බහුතරයක් පිහිටුවීමට නොහැකි වූ විශාල දේශපාලන කණ්ඩායම් තුනකට බෙදී ඇති ජාතික සභාවක දැන් ආණ්ඩුවක් පිහිටුවීමට ඔහුට සිදුවණු ඇත.

වසර තුනකට පෙර බාර්නියර් තමන් ප්‍රංශ ජනාධිපති ධූරය සඳහා ජනාධිපති මැක්‍රොන් සමග තරග කරන බවත් පවසා තිබූ අතර ඒ සංක්‍රමණ සීමා කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය බව පවසමිනි.

නමුත් අවසානයේදී ඔහුගේ පක්ෂයෙන් ඔහුව ජනපති අපේක්ෂකයෙකු ලෙස තෝරා ගත්තේ නැත.

කෙසේ වෙතත් 1958 දී ප්‍රංශයේ පස්වන ජනරජය බිහිවීමෙන් පසු බාර්නියර් මහතා ධූරයට තේරී පත්වූ ප්‍රංශයේ වයස්ගතම අගමැති වනු ඇත.

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading

විදෙස්

මයික්‍රොසොෆ්ට් දැවැන්ත සේවක කප්පාදුවක්

Published

on

By

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇති බවය.

මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව වාර්තා වේ.

සේවක කප්පාදුව හරහා සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන්ය.

2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙයයි.

Continue Reading

විදෙස්

මෝදි ජාතිය අමතයි

Published

on

By

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් ද වන බවය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) එරට ජාතිය අමතමිනි.

එමෙන්ම සින්දූර් මෙහෙයුම නමක් පමණක් නොව රටේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ හැඟිම් පිළිබිඹු කිරීමක් බව පෙන්වා දෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම මෙහෙයුම යනු යුක්තිය සඳහා ඉන්දියාවේ නොසැලෙන කැපවීම වන බවත්ය.

මෙම කැපවීම පසුගිය මැයි 06 වැනි දින රාත්‍රියේ සහ 07 වැනි දින අලුයම් කාලයේදී මුලු ලොවම යථාර්තයක් බවට පත්ව ඇති ආකාරය දුටු බවත් ඉන්දීය හමුදාවන් විසින් පාකිස්ථානයේ ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සහ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානවලට නිවැරදිව පහර දුන් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ත්‍රස්තවාදීන් කිසි විටෙකත් ඉන්දියාව මෙතරම් විශාල තීරණයක් ගත හැකි යැයි සිතන්නට නොමැති බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

මේ වන විට පාකිස්තානයට එරෙහිව සිදු කරන ප්‍රහාර නවත්වා ඇති නමුත් ඉදිරි දිනයන් හිදී පාකිස්තානය කුමන පියවර අනුගමනය කරනු ඇත්දැයි ඉන්දියාව නිරීක්ෂණය කරන බවත් පැවසූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාව, ඇතුළු සියලු ආරක්ෂක සේනා ඒ පිළිබඳව නිරන්තර සීරුවෙන් සිටින බවය.

එමෙන්ම සින්දූර් මෙහෙයුම අතරතුර මියගිය ත්‍රස්තවාදීන්ට සමුදීමට ඉහළම පාකිස්තාන හමුදා නිලධාරීන් පැමිණි අයුරු ලෝකයම දුටු බවත් එය පාකිස්තානයේ අඳුරු පැතිකඩ ලොවට පෙන්වා දුන් බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ එය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ ප්‍රබල සාක්ෂියක් වන බවය.

ඒ අනුව ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

එමෙන්ම පාකිස්තාන හමුදාව සහ පාකිස්තාන රජය ත්‍රස්තවාදය දිරිමත් කරන ආකාරය යම් දිනක පාකිස්තානය විනාශය කරනු ඇති බවත් පාකිස්තානයට දිවි ගලවා ගැනීමට අවශ්‍ය නම් ත්‍රස්තවාදී යටිතල පහසුකම් විනාශ කිරීමට සිදුවනු ඇති බවත් පැවසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ත්‍රස්තවාදය සහ සාකාච්ඡා එකට යා නොහැකි බැවින් සාමය සඳහා වෙනත් මාර්ග නොමැති බවය.

ඒ අනුව පාකිස්තානය සමග සාකච්ඡා තිබේ නම් එය හුදෙක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා පමණක් බවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉන්දියානුවන්ට සාමයේ මාර්ග පෙන්වා දී ඇති බැවින් සෑම ඉන්දියානුවෙකුටම සාමයෙන් ජීවත් වීමට හැකි විය යුතු බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා ඉන්දීය ජාතිය අමතමින් වැඩිදුරටත් පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved