Connect with us

විදෙස්

පාකිස්තානයේ දැවැන්ත විදුලිය බැඳවැටීමක්

Published

on

පාකිස්තානයේ දැවැන්ත විදුලිය බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව තිබෙන අතර, කරච්චි, ඉස්ලාමාබාද්, ලාහොර් සහ පේෂාවර් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටද මෙම බලපා තිබුණි.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා වන කටයුතු ආරම්භ කර ඇති බව පාකිස්ථාන බලධාරීන් සඳහන් කර ඇත.

පාකිස්තානයේ බලශක්ති අමාත්‍ය – කුරාම් දාෂ්ටගීර් පවසා ඇත්තේ ඇතැම් ප්‍රදේශ වල විදුලිබලය යථා තත්ත්වයට පත් කර ඇති බවත්, පැය 12ක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

විදෙස්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

Published

on

By

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් ය.

ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  

විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුවී තිබේ.

ස්පාඤ්ඤය පවසන්නේ, විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බවයි.

මේ අතර, පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් පවසයි.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම හමුවේ මෙට්‍රෝ සේවා සැපයුම්වලට ද බාධා එල්ල වී ඇති අතර මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.

Continue Reading

විදෙස්

පුටින්ගෙන් යුක්‍රේනයට දින තුනක සටන් විරාමයක්

Published

on

By

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන – රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට මැයි 11 දින දක්වා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරන ජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමීව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කර තිබේ.

මානුෂීය සලකා බැලීම් මත පදනම්ව රුසියානු ජනාධිපතිවරයා විසින් මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කෙසේ නමුත් යුක්‍රේනය විසින් මෙම සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාන් වෙත දන්වා ඇතැයිද සඳහන් වේ.

පසුගිය පාස්කු ඉරිදා දිනයේද රුසියාව විසින් යුක්‍රේනයට පැය 30ක සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනුණි.

නමුත් එම සටන් විරාම කාලය තුළදී ප්‍රහාර අඩු වීමක් දක්නට ලැබුණද දෙපාර්ශ්වය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරගනු ලැබීය.

Continue Reading

විදෙස්

නව පාප්වහන්සේ තෝරාගැනීමට දින නියම වෙයි

Published

on

By

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135කි.

ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා ඇත.

ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතු වෙයි.

වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසය.

බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් අද (28) සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දමා ඇත.

සුවිශේෂී වූ රතු ලෝගුවෙන් සැරසී ඡන්දය භාවිත කිරීමට එන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකාව පාප්වරයා තෝරාගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබයි.

1800 සිට එන එම සම්ප්‍රදායට හේතුවී ඇත්තේ, ඡන්දයේ රහස්ස්‍යභාවය රැකගැනීම සහ දේශපාලන බලපෑම් වලින් පල්ලිය ආරක්ෂා කරගැනීම සඳහාය.

එම ඡන්ද විමසීමෙන් අනතුරුව පාප්වරයෙකු තෝරාගත් බවට බාහිර ලෝකය දැනුම්වත් වන්නේ, ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙනි.

ඒ අනුව සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංඛේතවත් කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved