Connect with us

විදෙස්

පුටින්ව හමුවෙන්න කිම් රුසියාවට

Published

on

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමුවීම සඳහා රුසියානු දේශසීමාවට ඇතුල් වී ඇතැයි වාර්තා වේ.

සිය වෙඩි නොවදින සන්නද්ධ දුම්රියේ ගමන් කරන කිම්, Vladivostok නගරයේදී පුටින්ව හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත්, එම දුම්රියට සිය ගමනාන්තය දක්වා යාමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව පැවසේ.

යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියාවෙන් ආයුධ ලබාගැනීමට රුසියාවට අවශ්‍ය බව ඇමෙරිකාව විශ්වාස කරයි.

ඉදිරි දින කිහිපය තුළ දෙරට නායකයන් හමුවක් පැවැත්වෙනු ඇති බව ක්‍රෙම්ලිනය සනාථ කර ඇත.

පසුගිය ජූලි මාසයේදී රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා උතුරු කොරියාවේ සිදුකළ සංචාරයකදී අවිආයුධ දැකගැනීමෙන් අනතුරුව මෙම හමුවට මං පෑදුනු බව විශ්ලේෂකයින් විශ්වාස කරයි.

කිම් හා පුටින් 2019දී ද Vladivostok නගරයේදී හමුවූ අතර, මෙය, වසර 4කින් පසුව උතුරු කොරියානු නායකයාගේ පළමුවැනි විදෙස් සංචාරයයි.

විදෙස්

චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට අලුත් උප ඇමතිවරියක්

Published

on

By

චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට නව උප ඇමතිවරියක් පත් කර තිබේ.

එරට මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය නිවේදනය කරන අන්දමට හුවා චුන්යින් මහත්මිය මෙම තනතුරට පත් කරඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන හුවා මහත්මිය, වසර 2012 සිට එහි ප්‍රකාශකවරියක් ලෙසද කටයුතු කර තිබේ.

Continue Reading

විදෙස්

ගුවන් අනතුරකින් දොළොස් දෙනෙකුට තුවාල

Published

on

By

දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබියදී ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබේ.

එහිදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ තුවාල ලබා ඇති ඩබ්ලින් ගුවන් තොටුපළ බලධාරීන් විසින් පවසන ලදී.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේ එම ගුවන් අවකාශයේ තිබූ කාලගුණික තත්ත්වය ඊට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක් වූ බෝයිං බී 787-9 ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවා ඇති බවයි.

එමෙන්ම තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

පැපුවා නිව් ගිනියාවේ දරුණු  නායයාමක්

Published

on

By

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසේ.

මෙම නායයෑම සිදු වූ  Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved