Connect with us

විදෙස්

බිළිඳුන් 7ක් මැරූ හෙදියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Published

on

අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

33 හැවිරිදි ලූසි ලෙට්බි නම් එම හෙදිය සේවය කර තිබුණේ බ්‍රිතාන්‍යයේ ‘කවුන්ටස් ඔෆ් චෙස්ටර්’ රෝහලේය. ඇය මෙම ඝාතන සිදුකර ඇත්තේ 2015 ජුනි – 2016 ජුනි අතර කාලයේදීය.

ඝාතනය කළ බිළිඳුන් සත්දෙනාට අමතරව ඇය තවත් බිළිඳුන් සය දෙනෙකු ඝාතනය කිරීමට උත්සහ කර ඇති බවටද චෝදනා ඔප්පු වී තිබේ.

ලූසි විසින් ඝාතනය වූ බිළිඳුන්ට දෙදෙනෙකුට ඉන්සියුලින් විෂ කර තිබුණු බවත්, අනෙක් දරුවන්ට බලහත්කාරයෙන් කිරි පොවා හෝ හිතාමතාම වාතය එන්නත් කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ සිවුවැනි කාන්තාව ඇය බවද ඒජන්සි වාර්තා වල දැක්වේ.

විදෙස්

වසර 160,000කට පසු දිස්වන “ඇට්ලස්”

Published

on

By

ඉදිරි දින කිහිපය තුළ වසර 160,000කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයි.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2025 මෙම මාසයෙන් පසුව තවත් කෙතරම් කාලයකින් අනතුරුව මෙවැනි වල්ගා තරුවක දිස්වීමක් ගැන පුරෝකථනය කිරීම අසීරු බවට නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවය.

මෙම වල්ගා තරුව C/2024 G3 (ඇට්ලස්) නමින් නම්කර තිබේ.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට පහසු තරම් දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස්වන බව වාර්තා වේ.

මෙම වල්ගා තරුව ඊයේ (13) දින රාත්‍රියේ දී සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි ස්ථානගත විය.

එය ලොව පුරා වැසියන්ට නිරීක්ෂණය වන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වල්ගා තරුව සිකුරු ග්‍රහලෝකය මෙන් දැඩි දීප්තියකින් යුක්ත වේ.

එය දකුණු අර්ධ ගෝල වැසියන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය වන බව සඳහන්ය.

ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්වවිද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පැවසුවේ “වත්මන් කක්ෂීය ගණනය කිරීම්වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3ක් පමණ ගමන් කරන බවත්, එය “හිරු- ස්කිර්ටිං” වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කරන බවය.

උතුරු අර්ධගෝලයේ රාජ්‍යයන් වන එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලට මෙය සමීපව නිරීක්ෂණයට ද හැකි වේ.

Continue Reading

විදෙස්

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා  ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බවයි වාර්තා වේ.

කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව සඳහන්ය.

පතලේ සිරවි සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනීම සිදුවිය.

ගලවා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරින් පවසයි.

Continue Reading

විදෙස්

සුළඟට සූදානම් වෙන ලොස් ඇන්ජලීස් වැසියන්

Published

on

By

ලැව්ගිනි ව්‍යාප්තියට උපකාරී වන තද සුළං ප්‍රවාහය නැවත ඇති විය හැකි බවට වන කාලගුණ අනාවැකිවලින් පෙනී යන බැවින් ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් ව්‍යසනකාරී තත්ත්වයට සූදානම් වෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පවසා සිටින්නේ පුරෝකථනය කර ඇති සුළංවලට පෙර “හදිසි සූදානම් වීම්” සිදු කරමින් සිටින බවය.

එසේම ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවන ප්‍රධානී ඇන්තනි මැරෝන් ප්‍රාන්ත පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ ‘ඕනෑම හදිසි ඉවත් කිරීමේ නියෝගයකට’ අවනත වීමට සූදානම්ව සිටින ලෙසයි.

මේවන විට ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇතැයි සදහන් වේ.

විශාලතම හානියක් සිදුව ඇති පැලිසේඩ්ස් හි ලැව් ගිනි හේතුවෙන් අක්කර 23,000 කට වඩා දැවී ගොස් ඇති අතර සඳුදා සවස වන විට 14% ක් ගින්න පාලනය කර ඇති බව කියැවේ.

ඊටන් සහ පැලිසේඩ්ස් ගිනි නිවන කලාපවල පුද්ගලයින් 23දෙනෙකු අතුරුදන්ව ඇත.

මේ අතර ඊයේ බලධාරීන් නිවේදනය කර තිබුණේ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved