Connect with us

විදෙස්

මෙක්සිකෝහි වෙඩි තැබීමකින් 12ක් මරුට

Published

on

මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පෙරේදා (24) පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

වෙඩි තැබීම ආරම්භ වන අවස්ථාවේ ශාන්ත ජෝන් බැප්ටිස්ට් සැමරුම වෙනුවෙන් ජනතාව වීදියේ නටමින් සහ මත්පැන් පානය කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවය.

විදෙස්

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක්. 50ක් මරුට

Published

on

By

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත ගින්න ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.

Continue Reading

කලා

Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

Published

on

By

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සංගීත ප්‍රශංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

පුවත්

ආනන්දසංගරීට LTTEයට සහාය පළ කිරීමේ චෝදනාවක්

Published

on

By

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබා දීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී මහතා විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවය.

2016 වර්ෂයේ දී හා 2023 වර්ෂයේ දී කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනය වෙත අදාළ ලිපි යොමුකර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිය දී ආනන්දසංගරී මහතා විසින් මෙම ලිපි යොමුකර ඇති අතර අදාළ පුද්ගලයා සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී පුරවැසිභාවය ලබා දීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මානුෂීය කරුණු පිළිබඳ සලකා බලා හා සෙන්තුරන් සෙල්වකුමාර් නැමති අදාළ පුද්ගලයාගේ පවුල විසිරීයාමට සාධක පවතින බැවින් ඔහුට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී මහතා අදාළ ලිපි මගින් ඉල්ලීම් කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී මහතා සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වල සඳහන් වේ.

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ගැරී ආනන්දසංගරී මහතා එලෙස ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන පුද්ගලයෙකු බැවින් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ගැටලු සහගත බව එරට අග්‍රාමාත්‍යවරයාට ද දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙක් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්දසංගරී මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒපිළිබඳ නිශ්චිත කරුණු දැක්වීම නොසුදුසු බවය.

 එමෙන්ම අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව තමන් කිසිවිටකත් එවැනි ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර නොමැති අතර කැනේඩියානු දරුවෙකු සිටින පුරවැසියෙකුගේ පවුලක් බිදී යාම වැලැක්වීමේ අරමුණින් තමන් සිදුකළ දැනුම් දීම අසාමාන්‍ය දෙයක් නොවන බව ගැරී ආනන්දසංගරී මහතා පෙන්වා දී තිබේ.

තමන් කිසිවිටකත් ත්‍රස්තවාදී සංවිධානයකට සහය නොදක්වන බවත් ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂව තීරණ නොගන්නා බවත් අදාල නිවේදනය මගින් ආනන්දසංගරී මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved