Connect with us

විදෙස්

යළි ජනාධිපතිවරණයකට යන බව බයිඩ්න් කියයි

Published

on

ලබන වසරේදී තමා නැවතත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

රිපබ්ලිකන් අන්තවාදීන්ගෙන් ඇමෙරිකානු “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව තවමත් සටන්වැදෙන බව ඔහු පවසා ඇත.

මීට සිවු වසරකට පෙර තමා ජනපති සටනට පිවිසුනේ මෙම කර්තව්‍යය වෙනුවෙන් බවත් පැවසූ බයිඩ්න් වැඩිදුරටත් පවසා ඇත්තේ ‘මෙම කටයුත්ත ඉවර කරගමු,” යන්නයි.

කෙසේවෙතත්, මේ වන විට බයිඩ්න් මහතා 80 වියේ පසුවන අතර, යළි ජනපතිවරයෙකු ලෙස පත්වීම සම්බන්ධයෙන් ඔහු වියපත් වැඩි බවට විවිධ පාර්ශව චෝදනා කරයි.

විදෙස්

Adidas තද තීරණයක

Published

on

By

ලෝකප්‍රකට Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ලොව දෙවන විශාලතම ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයා ලෙස සැලකෙන සමාගමේ, පුද්ගලයින් 5,800 ක් පමණ සේවයේ නියුක්ත බවයි. සැලසුම් කර ඇති රැකියා කප්පාදුව පිළිබඳව මීට ඉහත සමාගම් කළමනාකරු විසින් දැනුම් දීමක් ද සිදුකර ඇත.

කෙසේ නමුත් සමාගම කොපමණ රැකියා ප්‍රමාණයක් කපා හරිනු ඇත්දැයි නිල වශයෙන් තීරණය කර නොමැති බව සඳහන්වේ .

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, නමුත් තනතුරු 500 ක් දක්වා ප්‍රමාණයකට බලපෑම් ඇති විය හැකි බව‍යි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Published

on

By

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි.

යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමන් ජනපති වූ වහාම රුසියා – යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.

Continue Reading

විදෙස්

ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Published

on

By

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ සංජය රෝයි නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී කොල්කටා රෝහලේ පුහුණු වන වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරු වරදකරු බව අධිකරණය පසුගියදා තීරණය කර බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ දඬුවම මෙලෙස නිවේදනය කර ඇත.

පසුගිය අගෝස්තු මාසයේ සිට සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වුණු අතර එය මහත් ආන්දෝලනයට තුඩු දුන්නකි.

කෙසේ වුවද අදාළ රෝහලේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කළ සංජය රෝයි නමැත්තා සිද්ධියට තමා වරදකරු නොවන බව අධිකරණය ඉදිරියේ පවසා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved