Connect with us

විදෙස්

රුසියානු මිසයිල් ප්‍රහාරයෙන් යුක්‍රේනයේ 51ක් මරුට

Published

on

ඊසාන දිග යුක්‍රේනයේ Hroza නම් ගම්මානයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකුට වඩා මියගොස් ඇති බව වාර්තා වේ.

අද පස්වරුවේ සිදුවූ මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ප්‍රදේශවාසියෙකු ගේ මරණයක් සිහිකිරීමට ගම්වාසීන් අවන්හලකට රැස්වූ අවස්ථාවකදී බව විදෙස් වාර්තා වල දැක්වේ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් 300ක් පමණ එම අවන්හලේ සිට ඇති බවත්, සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයන් අතර සය හැවිරිදි දරුවෙකුද සිටින බවත් ඒජන්සි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

ගුවන් අනතුරක් 12ක් මරුට

Published

on

By

මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම අනතුරින්  පස් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව පැවසේ.

Continue Reading

පුවත්

මාස 9ක් අභ්‍යාවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘථිවියට

Published

on

By

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුව ඔවුන් මෙසේ පෘථිවියට ළඟාවී ඇත.

ඔවුන් රැගත් ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථක ගොඩබැස්වූ බව ද පැවසේ.

පසුගිය වසරේ ජූනි මාසයේදී ගගනගාමීන් දෙදෙනා දින අටක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයට ගිය අතර යානයේ ඇති වූ දෝෂයක් හේතුවෙන්, දින 286ක් ඔවුන්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටීමට සිදු විය.

Continue Reading

විදෙස්

අභ්‍යාවකාශයේ සිරවී සිටි නාසා ගගනගාමීන් පෘථිවිය වෙත

Published

on

By

මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා පෘථිවිය බලා පැමිණීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපලය.

තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමගින් ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ පෙරේදා (16) ඒ වෙත ළඟා වූ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයෙනි.

පෘථිවියට පැමිණීමේ අපේක්ෂා පිළිබඳ අදහස් පළ කළ සනි පවසා තිබුණේ තමන්ට දැන් ඇවිදින ආකාරය පවා අමතකව ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved