Connect with us

විදෙස්

හජ් වන්දනාවේ ගොස් මියගිය ගණන 1000 ඉක්මවයි

Published

on

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වේ.

සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ වන්දනාවේ දී සිදු වූ තෙරපීම් හේතුවෙන් ඔවුන් මිය ගොස් ඇති බවය.

වාර්තා වන පරිදි මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු ඊජිප්තු ජාතිකයන්ය.

මෙවර හජ් වන්දනාව සඳහා ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 16ක් පමණ පැමිණ ඇති බවද සඳහන් වේ.

විදෙස්

චීනයේ පාලමක් කඩාවැටී 11ක් මරුට (වීඩියෝ)

Published

on

By

චීනයේ ෂාන්ෂි පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ ඇතිවූ තද වැසි හා හදිසි ගංවතුර තත්ත්වය හමුවේ මෙම පාලම කැඩී ගොස් තිබේ.

පාලම කැඩීයාමෙන් ජල පහරට වැටී ඇති වාහන 05ක් මේ වන විට සොයාගෙන ඇත.

සිද්ධියෙන් අතුරුදහන් වූවන් සොයාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.

Continue Reading

පුවත්

බංග්ල‍ාදේශයට ඇඳිරි නීතිය

Published

on

By

බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇත.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටද රජය පියවර ගෙන ඇත.

කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවට ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලු ම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර තිබේ.

සිසුන් මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ, 1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

මෙම කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට 2018 දී බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණත් මහාධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් එය යළි පණගැන්වීමට රජය උත්සාහය විරෝධතාවට පදනම වී ඇත.

(අදදෙරණ)

Continue Reading

පුවත්

ලොවපුරා Microsoft Windows පරිශීලකයින්ට BSOD දෝෂ බාධා

Published

on

By

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකගේ Blue Screen of Death (BSOD) දෝෂය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා සමාගම්, බැංකු සහ රජයේ කාර්යාල කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම සඳහන් කරන්නේ මෑත කාලීනව Crowd Strike හි සිදුකළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved