Connect with us

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ සිසුවියන්ට පාසල්වල දොරටු වැසෙයි

Published

on

 ඇෆ්ගනිස්ථානයේ ද්විතික සහ උසස් පෙළ පාසල් සඳහා වූ නව අධ්‍යන වර්ෂය කිසිදු සිසුවියකගේ සහභාගිත්වයකින් තොරව ආරම්භ වී තිබේ.

ඒ, එරට තලේබාන් පාලකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා ඇති තහනම් නියෝග හේතුවෙනි.    

එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පළමු වසරේ සිට 06 වසර දක්වා වූ සිසුවියන් සඳහා පමණක් පාසල් යාමට අවසර හිමිව ඇති බවයි. 

කෙසේවෙතත් ඉස්ලාමිය පාසල්වල පමණක් අධ්‍යාපනයට හැදෑරීමට සියලු වයස් කාණ්ඩයන්හි සිසුවියන්ට අවසර හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

(නිවුස්ෆස්ට්)

විදෙස්

ඉන්දීය මහ මැතිවරණය හෙට

Published

on

By

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුව වෙනුවෙ නියෝජිතයින් තෝරාගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ හෙට දවසේදීය.

ඒ අනුව මෙම  මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. 

හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. 

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසේ.

Continue Reading

විදෙස්

ගංවතුර නිසා ඩුබායි ගුවන් තොටුපලේ වැඩකටයුතු අඩාලයි

Published

on

By

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට මේ දින වල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ.
මේ හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපල වන ඩුබායි ගුවන් තොටුපල හරහා සිදුකරන ගුවන් ගමන්වාර  වෙනත් ගුවන්තොටුපලවල් වලට හරවා යවා තිබේ.

මේ අතර, සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකරමිනි.

මේ අතර, ඕමාන බලධාරීන් පවසා තිබුණේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

සුනඛයින් වෙනුවෙන් ගුවන් සේවාවක්

Published

on

By

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් 11වැනි දා එම සමාගම මේ බව නිවේදනය කළේය.

ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී ති‌බේ.

නිව්යෝර්ක් හි සිට පිටත්වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබාදී ඇත.

කෙසේ වෙතත්, සුනඛ හිතකාමී ගුවන් ගමන සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

ඒ අනුව දැනට, එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved