Connect with us

විදෙස්

ඉම්රාන් ඛාන් වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි

Published

on

මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන පාකිස්තානයේ හිටපු අගමැති – ඉම්රාන් ඛාන් මහතා, තමාට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමට ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනයේදී පාකිස්තානු අධිකරණයක සිටියදී ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් වාහනයකට දමාගන්නා අයුරු වීඩියෝ දසුන් වලින් දිස් විය.

ඔහුව මේ වන විට රඳවා තබා සිටින ස්ථානයට දැඩි පොලිස් රැකවල් යොදා ඇත.

ඛාන් මහතා අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්ථානය පුරාවට විරෝධතා පැවැත්වෙන අතර, එම සිද්ධීන් වලින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 1,000ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

විදෙස්

ගංවතුර නිසා ඩුබායි ගුවන් තොටුපලේ වැඩකටයුතු අඩාලයි

Published

on

By

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට මේ දින වල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ.
මේ හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපල වන ඩුබායි ගුවන් තොටුපල හරහා සිදුකරන ගුවන් ගමන්වාර  වෙනත් ගුවන්තොටුපලවල් වලට හරවා යවා තිබේ.

මේ අතර, සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකරමිනි.

මේ අතර, ඕමාන බලධාරීන් පවසා තිබුණේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

සුනඛයින් වෙනුවෙන් ගුවන් සේවාවක්

Published

on

By

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් 11වැනි දා එම සමාගම මේ බව නිවේදනය කළේය.

ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී ති‌බේ.

නිව්යෝර්ක් හි සිට පිටත්වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබාදී ඇත.

කෙසේ වෙතත්, සුනඛ හිතකාමී ගුවන් ගමන සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

ඒ අනුව දැනට, එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇත.

Continue Reading

පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන නඩුවක පැටලේ

Published

on

By

එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් අද (15) නිව්යෝක් අධිකරණයේදී විභාගයට ගැනීම සිදුවිය.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි.

2016 වසරේ මැතිවරණයට ටික කලකට පෙර වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සහ කැරන් මැක්ඩොගල් වෙනුවෙන් කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙම අපරාධ නඩුවක් විභාගයට ගැනීම සිදුවිය.

77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති නමුත් සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකියි.

කෙසේ වෙතත් ඔහු වරද පිළිගෙන නැත.

හිටපු ජනපති ට්‍රම්ප්ගේ මෙම ඓතිහාසික නඩු විභාගය ඔහුගේ 2024 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පසුබිමට එරෙහිව සිදුවනු ඇති අතර, අවසානයේදී ඡන්දදායකයින් නොවැම්බර් මාසයේ මැතිවරණයට යාමට මාස කිහිපයකට පෙර රිපබ්ලිකන් අපේක්ෂකයා වැරදිකරුවෙකු ද නැතිනම් නිවැරදිකරුද යන වග හඳුනාගැනීමට නියමිතය.

සඳුදා ජූරි තේරීමෙන් ආරම්භ වූ නඩු විභාගය සති හයේ සිට අට දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ට්‍රම්ප්ට එරෙහි මෙම නඩුවේ ජූරි සභාවට ජූරි සභිකයන් 12 ඇතුලත් අතර, නිශ්චිත චෝදනාවකට ට්‍රම්ප් මහතා වැරදිකරුද නැද්ද යන්න පිළිබඳව ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතුය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved