Connect with us

විදෙස්

ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම සක්‍රිය කරයි

Published

on

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි.

ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම සම්බන්ධයෙන් සිදුකළ මත විමසුමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි.

කෙසේවෙතත්, ට්‍රම්ප් යළිත් ට්විටර් වල සක්‍රීය වේ ද යන්න පිළිබඳව පැහැදිලි නොවේ.

මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත.

ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමට ඇති හැකියාව හේතුවෙන් 2021 ජනවාරි 06දා සිට මාස 22ක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබුණි. පසුව ඔහුගේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා යූටියුබ් ගිණුම් ද අත්හිටුවා තිබුණි.

පුවත්

සුනඛයින් වෙනුවෙන් ගුවන් සේවාවක්

Published

on

By

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් 11වැනි දා එම සමාගම මේ බව නිවේදනය කළේය.

ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී ති‌බේ.

නිව්යෝර්ක් හි සිට පිටත්වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබාදී ඇත.

කෙසේ වෙතත්, සුනඛ හිතකාමී ගුවන් ගමන සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

ඒ අනුව දැනට, එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇත.

Continue Reading

පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන නඩුවක පැටලේ

Published

on

By

එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් අද (15) නිව්යෝක් අධිකරණයේදී විභාගයට ගැනීම සිදුවිය.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි.

2016 වසරේ මැතිවරණයට ටික කලකට පෙර වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සහ කැරන් මැක්ඩොගල් වෙනුවෙන් කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙම අපරාධ නඩුවක් විභාගයට ගැනීම සිදුවිය.

77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති නමුත් සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකියි.

කෙසේ වෙතත් ඔහු වරද පිළිගෙන නැත.

හිටපු ජනපති ට්‍රම්ප්ගේ මෙම ඓතිහාසික නඩු විභාගය ඔහුගේ 2024 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පසුබිමට එරෙහිව සිදුවනු ඇති අතර, අවසානයේදී ඡන්දදායකයින් නොවැම්බර් මාසයේ මැතිවරණයට යාමට මාස කිහිපයකට පෙර රිපබ්ලිකන් අපේක්ෂකයා වැරදිකරුවෙකු ද නැතිනම් නිවැරදිකරුද යන වග හඳුනාගැනීමට නියමිතය.

සඳුදා ජූරි තේරීමෙන් ආරම්භ වූ නඩු විභාගය සති හයේ සිට අට දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ට්‍රම්ප්ට එරෙහි මෙම නඩුවේ ජූරි සභාවට ජූරි සභිකයන් 12 ඇතුලත් අතර, නිශ්චිත චෝදනාවකට ට්‍රම්ප් මහතා වැරදිකරුද නැද්ද යන්න පිළිබඳව ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතුය.

Continue Reading

පුවත්

IMF කළමනාකරණ අධ්‍යක්ෂක ධූරය යළිත් ක්‍රිස්ටලිනාට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  (IMF) කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා  (Kristalina Georgieva) පත්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම එළැඹෙන ඔක්තෝම්බර් පළමු වැනිදා සිට බලාත්මක වනු ඇත.

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර ලබන්නේ දෙවැනි වරටයි.

මෙම  ධුර කාලය වසර 05ක් දක්වා වලංගුය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved