Connect with us

විදෙස්

යුක්‍රේන ජනපති, ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා වෙයි

Published

on

සුප්‍රකට ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ජීවගුණය නම් කර තිබේ.

මෙම සම්මානය සාමාන්‍යයෙන් පිරිනමනු ලබනුයේ වසරක කාලයක් තුළ ගෝලීය සිදුවීම් කෙරෙහි වැඩි ම බලපෑමක් කළ බවට සැලකෙන පුද්ගලයෙකුට හෝ සිදුවීමකටයි.

අවසන් වටයට තේරුණු අනෙකුත් පුද්ගලයන් අතර චීනයේ නායක ෂී ජින්පින් සහ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ද ඇතුළත් විය.

විදෙස්

බැල්ටිමෝර් අනතුරෙන් මියගිය දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

Published

on

By

බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු වුණු අතර, එම අවස්ථාවේදී පාලම මත සිටි ඉදිකිරීම් කම්කරුවන් 08 දෙනෙකු ජලයට වැටී තිබුණි.

ඉන් දෙදෙනෙකු එදිනම බේරාගෙන තිබුණු අතර, ඉතිරි සයදෙනා මිය යන්නට ඇතැයි අනුමාන කර ඇත.

මෙලෙස හමුවී ඇත්තේ එලෙස අතුරුදහන් වූ දෙදෙනෙකුගේ සිරුරුය.

රතු පිකප් රථයක තිබියදී එම සිරුරු හමුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, ජලය යට ඇති පාලමේ සුන්බුන් හා කොන්ක්‍රීට් කැබලි හේතුවෙන් කිමිදුම්කරුවන්ට දිය යට කිමිදීම අසීරු වී ඇති අතර, මේ හේතුවෙන් සෝනාර් හා ස්ක්‍රෑන් තාක්ෂණය යොදාගනිමින් සිරුරු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Continue Reading

විදෙස්

විශ්ව රූ රැජින තරගයට සෞදි අරාබියත් එක්වෙයි!

Published

on

By

ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි නම් තරුණියක් පසුගිය සඳුදා දින සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් එක්කරමින් පවසා ඇත්තේ ඇය සෞදි අරාබිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගී වන බවයි.

2024 විශ්ව රූ රැජින තරගය මෙක්සිකෝ හි දී පැවැත්වීමට නියමිතය. 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ නිකරගුවා රාජ්‍යය නියෝජනය කළ ෂෙයිනිස් පැලැසියොස් මෙනෙවියයි.

Continue Reading

Videos

බැල්ටිමෝ පාලම් අනතුරෙන් විපතට පත්වූවන් දිගටම සොයයි!

Published

on

By

අද (26) දින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අනතුරුව ඇමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ පැටප්ස්කෝ ගංගාව හරහා තිබූ විශාල පාලමක් කඩා වැටීමෙන් අතුරුදහන් වූ බව පැවසෙන පුද්ගලයන් සත්දෙනෙකුට වැඩි පිරිසක් සෙවීමට මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට Dali නම් මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාව බලා එමින් තිබූ බවයි. 

එරට වේලාවෙන් අළුයම 1ට පමණ බැල්ටිමෝ නගරයෙන් පිටත් වී ඇති මෙම නෞකාව අප්‍රේල් අවසානයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved