Connect with us

විදෙස්

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

Published

on

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරිය මියගොස් තිබේ.

මියයන විට ඇගේ වයස අවුරුදු 118ක් විය. තූලොන් නගරයේ ශාන්ත කැතරීන් සාත්තු නිවාසයක සිටි ඇය, නින්දේදී අවසන් හුස්ම හෙලූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

ලුසිල් රුන්දොන් ලෙස 1904 පෙබරවාරි 11 දා උපත ලැබූ ඇය, ආන්ඩ්‍රේ කන්‍යාසොයුරිය ලෙස 1944දී කතෝලික පල්ලියට එක්විය.

කාලයක් පුරාවටම යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සිටි  ඇය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ, එතෙක් ලොව වයස්ගතම පුද්ගලයා වූ කේන් කනකා නම් ජපන් ජාතික කාන්තාව වසර 119ක් ආයු වළඳා මිය යාමෙන් අනතුරුවයි.

විදෙස්

නාවික හමුදා හෙලිකොප්ටර් අනතුරෙන් 10ක් මරුට

Published

on

By

පුහුණුවීමක් අතරතුරදී මැලේසියාවේ නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක හා ගැටීමෙන් අනතුරුව අනතුරට පත්ව තිබේ. 

එම අනතුරින් එම යානා වල සිටි කාර්ය මණ්ඉල සාමාජිකයන් දස දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ එරට රාජකීය නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading

විදෙස්

ඉන්දීය මහ මැතිවරණය හෙට

Published

on

By

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුව වෙනුවෙ නියෝජිතයින් තෝරාගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ හෙට දවසේදීය.

ඒ අනුව මෙම  මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. 

හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. 

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසේ.

Continue Reading

විදෙස්

ගංවතුර නිසා ඩුබායි ගුවන් තොටුපලේ වැඩකටයුතු අඩාලයි

Published

on

By

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට මේ දින වල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ.
මේ හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපල වන ඩුබායි ගුවන් තොටුපල හරහා සිදුකරන ගුවන් ගමන්වාර  වෙනත් ගුවන්තොටුපලවල් වලට හරවා යවා තිබේ.

මේ අතර, සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකරමිනි.

මේ අතර, ඕමාන බලධාරීන් පවසා තිබුණේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved