Pasidol
Sathosa Ad Final Sinhala
හිංසනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාට සලාක කාඩ් පත් ලබා දෙන ග්‍රාමීය නිලධාරීන් හිංසනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාට සලාක කාඩ් පත් ලබා දෙන ග්‍රාමීය නිලධාරීන්
Feb 20, 2018

කතුන් නිරුවත් කර, මළමුත්‍රා කැවූ 11ක් අල්ලයි

මායාකාරී යන්තරමන්ත්‍ර සිදුකළැයි පවසන කාන්තාවන් දෙදෙනෙකු දැඩි ලෙස හිංසනයට ලක් කළ පුද්ගලයන් 11 දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාර්ඛාන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වෙන මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 65 වියේ පසුවන කාන්තාවක් හා 35 වියේ පසුවන ඇගේ දියණියයි.

පසුගිය සතියේදී පවුලේ සාමාජිකයෙකු මියගිය පසුව සුදුසුකම් නොලැබ වෛද්‍ය සේවයේ නියුතු වන්නෙකු ගේ උපදෙස් ලබාගෙන ඇති අතර, ඔහු පවසා ඇත්තේ එම මරණයට මෙම කාන්තාවන් දෙදෙනා වගකිව යුතු බවයි.

මේ සමග කුපිත වූ ඥාතීන්, මායාකාරී යන්තරමන්ත්‍ර සිදුකළ බවට චෝදනා එල්ල කරමින් ඔවුන් ගේ හිසකෙස් කපා ඔවුන්ව ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කර තිබේ. කනත්තකට ගෙන ගොස් ඇති ඔවුන් ට මිනිස් මළමුත්‍රා වලින් පහරදී ඒවා බලහත්කාරයෙන් කවා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

කිසිවෙකු සිය සහයට නොපැමිණි බවත්, සිද්ධියෙන් ඉමහත් භීතියට පත්වූ බවත් ඔවුන් බීබීසී ලෝක සේවයට පවසා තිබේ.

මේ වන විට ඔවුන්ට විශේෂ පොලිස් රැකවරණ ලබාදීමටත් මෙවැනි සිදුවීම් වළක්වාගැනීමේ අරමුණෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගම තුළ ආරම්භ කිරීමටත් කටයුතු කළ බව පොලිසිය පවසයි.

මෙවැනි සිද්ධීන් බොහොමයක් සිදුවනුයේ හුදු මිත්‍යාදෘශ්ඨික විශ්වාස මත සිදුවූවද, ඇතැම් විට ඉඩම් ආදී දේපල බලහත්කාරයෙන් ලබාගැනීමට ද වැන්දඹුවන් වැනි කාන්තාවන් මෙවැනි හිංසන වලට ලක්කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top