Pasidol
Sathosa Ad Final Sinhala
Feb 21, 2018

‘සූට්කේස් දරුවා’ ගේ පියා නිදහස් වෙයි

සූට්කේසයක සඟවා සිය පුත්‍රයාව රහසිගතව මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට ගෙන ගිය අයිවර් කෝස්ට් ජාතිකයෙකු වන අලී ඔටාරා සිර දඬුවමකින් බේරී තිබේ.

ඒ, සිය පුත්‍රයා සූට්කේසයකට දමනු ඇතැයි පියා නොදැන සිටි බව හෙළිදරව් වීමෙනි.

මේ හේතුවෙන් සිරදඬුවමක් වෙනුවට ඔහුට යුරෝ 92ක වන්දියක් ගෙවීමට සිදුවිය.

වසර 2015දී මොරොක්කෝව හා ස්පාඤ්ඤය අතර පිහිටි Ceuta දේශසීමාවදී ඉතා බර සූට්කේසයක් ඇදෙගෙන යන තරුණ කාන්තාවක් බලධාරීන් ගේ නෙතට හසුවිය. බෑගය ස්කෑන් පරීක්ෂාවකට ලක්කිරීමේදී ඔවුන්ට හසුවූයේ එය තුළ වැතිරී සිටින දරුවෙකු ගේ රුවකි.

මේ වන විට දස හැවිරිදි වියේ පසුවන මෙම දරුවා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමා සූට්කේසයක දමා ගෙනියනු ඇතැයි තමා හෝ සිය පියා නොදැන සිටි බවයි.

සිද්ධියෙන් නිදහස් වූ ඔටාරා මහතා පවසා ඇත්තේ තමාට, බිරිඳට හා සිය දරුවන් දෙදෙනාට උතුරු ස්පාඤ්ඤයේ නව ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාවී ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top