Pasidol
Sathosa Ad Final Sinhala
Feb 28, 2018

‘බීස්ට්’ නිසා යුරෝපය ගල් වෙයි (ඡායා)

මේ දිනවල යුරෝපය පුරා පැතිර යන ශීත කාලගුණය හේතුවෙන් එම මහද්වීපයේ ප්‍රදේශ බොහොමයකින් හිමපතනය වාර්තා වී තිබේ.

’බීස්ට් ෆ්‍රොම් ද ඊස්ට්’ ලෙස හැඳින්වෙන මෙම ශීත කාලගුණය හේතුවෙන් මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය දක්වා ප්‍රදේශ වලින් හිමපතනය මෙන්ම සෙල්සියස් අංශක ඍණ 30 ක් දක්වා වූ අධික සීතලක් ද වාර්තා වේ.

ශීත කාලගුණය හේතුවෙන් මේ දක්වා පෝලන්තයෙන් මරණ පහක් ද රුමේනියාවෙන් මරණ දෙකක්ද මේ දක්වා වාර්තා වේ.

මේ හේතුවෙන් අවදානමක පසුවන සිය අසල්වාසීන් පිළිබඳව සොයාබලන මෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මහජනයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

උණුසුම් ආහාර හා බ්ලැන්කට් ලබාදීම සඳහා යුරෝපා මහද්වීපය පුරාම මධ්‍යස්ථාන රැසක් විවෘත කළ බවද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන හිමෙන් වැසුනු යුරෝපයේ දසුන් කිහිපයකි මේ :

snow1

හිමවැටුනු ලන්ඩනයේ ග්‍රීන් පාක්

snow2

ඉතාලියේ පොම්පේ නුවර නටබුන්

snow3

සය වසරකට පසුව හිමවැටුණු රෝමය

snow4

ඊසාන දිග ජර්මනියේ කර්ස්ච්ඩෝෆ් වරායේ අයිස් වල සිරවූ බෝට්ටු

snow5

ඉතාලියේ කැසැග්ලියා ප්‍රදේශයට අධික හිමපතනයක්

snow6

අධික හිමපතනයෙන් පසුව නවතා දමනු ලැබූ ස්වීඩනයේ වාහන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top