Pasidol
Sathosa Ad Final Sinhala
Mar 01, 2018

පැරණීම රූප පච්ච හමුවෙයි!

පච්ච කෙටීම හෝ ටැටූ යනු අද කාලයේ ජනප්‍රිතම කලාවකි. විවිධ වර්ණ, විවිධ රූප හා හැඩතල වලින් යුත් ටැටූ ලොවපුරාම ජනප්‍රිය වී අවසන්ය.

ලොව පැරණීතම රූපමය පච්චය සොයාගැනීමට මේ වන විට විද්‍යාඥයන් සමත් වී තිබේ.

ඒ, ඊජිප්තුවෙනි. වයස 18-21 අතර සිටියදී පිහිඇනුමකින් මියගිය තරුණයකු ගේ මළසිරුරක හා තවත් කාන්තාවකගේ මළසිරුරකින් මෙම ටැටූ සොයාගෙන තිබේ. මෙම මමීවරුන් වසර 5000ක් පමණ පැරණි යැයි වාර්තා වේ.

තරුණයාගේ බාහුවේ විශාල අං හා දිගු වලිගයක් සහිත හරකෙකු හා වක් වූ අං ඇති බැටළුවෙකු ගේ රුවක් පෙන්නුම් කරන බව විද්‍යාඥයන් පවසයි.

කාන්තාවගේ බාහුවේ මෙන්ම උරහිස් ප්‍රදේශයේ එස් අක්ෂර හැඩැති රූප හමුවී තිබේ.

රේඩියෝ කාබන් පරීක්ෂණ වලට අනුව මෙම මමීවරුන් ක්‍රි.පූ. 3351 හා 3017 ජීවත් වූ බව සොයාගෙන තිබේ.

මෙම සොයාගැනීම් Journal of Archaeological Science යන ජර්නලයේ පළ කර තිබේ.

පැරණීම පච්චය සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ. 3370 - 3100 අතර ජීවත් වූ බවට පැවසෙන Ötzi ලෙස නම් කර ඇති ඇල්පයින් මමීයෙකුගෙනි. කෙසේවෙතත්, මෙම මළසිරුරේ පච්ච සිරස් හා තිරස් රේඛා වූ අතර, රූපමය සටහන් නොවීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top