Pasidol
Sathosa Ad Final Sinhala
Mar 06, 2018

ෂෙල් වෙඩි නිසා සහනාධාර බෙදීම ඇණහිටියි!

සිරියානු සන්නද්ධ කැරළිකරුවන් ගේ බලය යටතේ පවතින නැගෙනහිර ගූටා ප්‍රදේශයට එල්ල වෙන ෂෙල් ප්‍රහාර හමුවේ ඒ ප්‍රදේශයේ සිදුකළ සහනාධාර බෙදාහැරීමේ කටයුතු අතරමග නතරකිරීමට සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත සංවිධාන පවසයි.

ඩූමා නගරය සහනාධාර රැගෙන ගිය සිරියන් රෙඩ් ක්‍රෙසන්ට් සහනාධාර ට්‍රක්රථ 40න් 10ක වැඩි ප්‍රමාණයක බඩු බෑමට නොහැකි වූ බව සරණගාතයන් සඳහා වූ එ.ජා.මහා කොමසාරිස් කාර්යාලය (UNHRC) සඳහන් කර තිබේ.

අවසාන වරට මෙම ප්‍රදේශයට සහනාධාර ළඟා වී තිබුණේ පසුගිය මාසයේදී ය.

ඊයේ දිනයේදී ට්විටර් පණිවිඩයක් එක්කරමින් සරණගාතයන් සඳහා වූ එ.ජා.මහා කොමසාරිස් කාර්යාලයේ සිරියානු නියෝජිත - සජාඩ් මලික් මහතා පවසා තිබුණේ ෂෙල් වෙඩි හමුවේ හැකි පමණින් ආධාර බෙදාදුන් බවයි.

මේ අතර, ක්‍රියාකාරීන් පවසා සිටියේ ඊයේ දිනයේදී පැය 05ක සටන් විරාමයක් නම් කර තිබුණද, සිරියානු හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ පුද්ගලයන් රැසක් මියගිය බවයි.

පසුගිය සති කිහිපය තුළදී සිරියාවෙන් මරණ 719කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ළමා මරණ විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top