Pasidol
Sathosa Ad Final Sinhala
Mar 12, 2018

දිගටම බලයේ ඉන්න ෂි ජින්පින් ට වරම්

චීනයේ ජනාධිපති ෂි ජින්පින් කාල සීමාවකින් තොරව දිගටම බලයේ පවත්වා ගැනීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා දී තිබේ.

කීපදෙනකු පමණක් විරුද්ධව ඡන්දය දීමෙන් හෝ අතළොස්සක් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැළකී සිටින අතරවාරයේ ජාතික මන්ත්‍රණ සභාවේ අතිබහුතරය ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී ඇත.

චීන නිල වාර්තා අනුව නියෝජිතයන් දෙදෙනෙක් යෝජනාවට විපක්ෂව ඡන්දය දී ඇති අතර තිදෙනෙක් පැමිණ නැත.

වසර ගණනාවක් මෑත ඉතිහාසයේ චීනයේ ජනාධිපතිවරුන් වසර දහයක නිල කාලයකට සීමා වූ අතර එය නිලකාල දෙකකින් ආවරණය විය.

ජනාධිපති නිල කාලය සඳහා පැවති දස අවුරුදු කාල සීමාව ඉවත් කරනු ලැබීම මගින් ජනාධිපති ෂි ජින්පින්ට සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්ෂණයට මග සැලසීමත් සමඟ රටේ නායකත්වය ශක්තිමත් වනු ඇතැයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය පවසයි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top