Pasidol
Sathosa Ad Final Sinhala
Mar 12, 2018

ගමේ ගොවීන් මුම්බායට පයින් යයි

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් දිස්ත්‍රික්කයේ සිට කි.මී. 167ක දුරකතරක් ගෙවාගෙන එරට මූල්‍ය මර්මස්ථානය ලෙස සලකන මුම්බායි නුවරට ගොවීන් 30,000ක් පයින් ගමන් කර ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස අතර කාන්තාවන්, ළමුන් හා මහල්ලන් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නාෂික් සිට දින 6ක් පුරා පයින් ගමන් කර ඇති ඔහුන් අද අළුයම කාලයේදී මුම්බායි හි අසාද් ක්‍රීඩාංගනයට ළඟා වී ඇත. උදෑසන කාලයේදී පාසැල් හා රැකියා සඳහා පිටත් වන ළමුන් ඇතුළු මුම්බායි ජනයාට බාධාවක් නොවීම සඳහා ඔවුන් එම වේලාවට එම ස්ථානයට ළඟා වීමට කළින් සැලසුම් කර තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ණය සහන හා සිය නිෂ්පාදන සඳහා වඩා යහපත් මිලක් ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධයේ නිරත වී සිටියි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ සීඝ්‍ර දියුණුවක් දැකිව හැකි වුවත් තමන් හට එම දියුණුවේ මාවතට පිවිසීමට ඉඩකඩ ඇහිරී ඇතැයි ඔවුන් පවසයි.

කෙසේවෙතත්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය විසින් පවසා ඇත්තේ මෙම විරෝධය අවසන් කිරීමේ අරමුණින් සාකච්ඡා වලට එළැඹීමට සූදානම් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top