Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 10, 2016

කුවේට්වලත්, රථවාහන දඩේ වැඩිවෙයි ? Featured

පසුගිය මාස කිහිපය කෙරෙහි අවධානය යොමු කිරීමේදී කුවෙට්හි සිදුව ඇති මාරක රිය අනතුරුවලින් පුද්ගල ජීවිත රැසක් බිලිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

එහි ගෙවීගිය මාස 11 තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 355ක් පමණ මිය ගොස් ඇති බව පැවසේ.

මේ අතර, කුවෙට්හි තොරතුරු හා සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානය වාර්තාවලට අනුව අදාළ මරණ සංඛ්‍යාවට අමතරව පුද්ගලයින් 4,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ තුවාල ලැබූ පිරිසෙන් වැඩි කොටසක් දරුණු තුවාල ලැබූ හා ආබාධිත තත්ත්වයේ පසුවන්නන් වන බවයි.

වසර 2015 හා එය සැසඳීමේදී එය 425ක් වු බවට අල් – කුබාස් වාර්තා කර තිබේ.

මෙම වර්ෂයේ මුල් කාලවකවානුවේ එනම් ජනවාරි මාසය තුළ මියගිය පුද්ගලයින් ගණන 47ක් වන අතර එය පෙබරවාරි මාසයේදී පුද්ගලයින් 43ක්ද, මාර්තු මාසයේ පුද්ගලයින් 32ක්ද, අප්‍රේල් මාසයේ පුද්ගලයින් 30ක්ද, නොවැම්බර් මාසයේ පුද්ගලයින් 32ක්ද වශයෙන් සටහන්ව ඇත.

මෙසේ අනතුරු වැඩිවීමට හේතුව අධික වේගයෙන් රිය ධාවනය කිරීම, නීති විරෝධී ලෙස වාහන ඉස්සර කිරීමට යාම හා මාර්ග නීති කඩ කිරීම යන හේතු නිසා මේ අනතුරු වැඩිවී ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top