Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Apr 13, 2018

අසීෆා දැරිය ගේ ඝාතනය ගැන ඉන්දියාව කෝප වෙයි

කාෂ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට අයත් කතුවා නගරයේ සමූහ දූෂණයට ලක්වූ අට-හැවිරිදි දරුවෙකු ගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව සිය කෝපය පළ කර තිබේ.

ඒ, මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව දක්‍ෂිණාංෂික හින්දු පිරිස් විරෝධය දැක්වීමත් සමගයි.

අසීෆා බානෝ ලෙස හඳුනාගෙන ඇති මෙම දැරිය ගේ මළසිරුර මේ වසරේ ජනවාරි 17දා කැලෑවක තිබී සොයාගනු ලැබුණි.

ඇයව හින්දු දේවස්ථානයක දින කිහිපයක් පුරාවට බලහත්කාරයෙන් රඳවාගෙන සමූහ දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විශ්‍රාම ලත් රාජ්‍ය සේවකයෙක්, පොලිස් නිලධාරීන් 4ක් හා බාලවයස්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ඊට විරෝධය පාමින් විරෝධතා පැවැත්වුණු අතර, ඒ සඳහා භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු ද එක් ව ඇතැයි ඒජන්සි වාර්තා සඳහන් කරයි.

දැරියකට සිදුකළ මෙවැනි කෲර අපරාධයක් දෙසද ආගමික කෝණයකින් බැලීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය බලවත් අප්‍රසාදය හා කෝපය පළ කර තිබේ.

මේ අතර, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කර ඇත්තේ, මෙම සිද්ධි වලින් බියට පත් අසීෆා ගේ පියා, සිය පවුලේ සාමාජිකයන් හා ඔවුන් ඇතිකරන සතුන් සමග රසානා නම් ග්‍රාමයේ පිහිටි ඔවුන් ගේ නිවස රහසේම අත්හැර ගොස් ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top