Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Apr 14, 2018

ලෝක යුද්ධයක් අත ළඟ : අමෙරිකාවේ සහයට ඊශ්‍රායාලයත් පැමිනෙයි  Featured

අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් සිරියාවට එල්ල කල මිසයිල ප්‍රහාරයන් රැසක් උඩු ගුවනේදීම විනාශ කිරීමට සිරියානු හමුදාවන්ට හැකිවූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන පරිදි අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය විසින් සිරියාවේ හදුනාගත් ඉල්කක 03 ක් වෙත මිසයිල ප්‍රහාරයන් 110 ක් පමණ එල්ල කර තිබෙන අතර ඉන්  බහුතරයක් සිරියානු ගුවන් යාන නාශක පද්ධතිය විසින් උදුගුවනේදීම විනාශ කිරීමට සමත්ව තිබේ.

" විශාල මිසයිල සංඛ්‍යාවක් අපි විනාශ කලත් සමහරක් මිසයිල ඔවුන්ගේ ගේ ඉලක්කයන් සාර්ථක කර ගත්තා" යනුවෙන් සිරියානු හමුදා ප්‍රධානියෙක් විදෙස් මාධ්‍යයන්ට ප්‍රකාශ කර ඇත.

මෙම ගුවන් යානා ආරක්ෂක පද්ධතිය රුසියාව විසින් සිරියානු හමුදාවන්ට ලබා දුන් බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා පලවී තිබේ.

රුසියාවේ විරෝධය :

මේ අතර රුසියානු ජනාධිපති වැල්දමිර් පුටින් සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරයන් පිලිබදව සිය කණගාටුව මෙන්ම නොසතුට පලකර ඇත. " මෙය ස්වෛරි රාජ්‍යයකට එල්ල කල ආක්‍රමණශීලි ප්‍රහාරයක් ලෙසයි රුසියානු ජනාධිපතිවරයා හැදින්විය.

කෙසේ නමුත් අද (14) අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් සිරියාවට එල්ල කල ගුවන් ප්‍රහාර වලින් සිවිල් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙන බව සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඊශ්‍රායාලය සහ ඔස්ට්‍රේලියාව නිවේදනයන් නිකුත් කරමින් මිට සුළු මොහොතකට පෙර කියා සිටියේ සිරියාවට එරෙහි මෙහෙයුම් සඳහා අමෙරිකාව ඇතුළු මිත්‍ර සන්ධානයට තම සහය ලබා දෙන බවයි.

සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාරයන්ට එක්වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිය මෙහෙයුම් පිලිබඳ දැක්වෙන වීඩියෝ පටයක් සහ ජායාරුප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ටොමහෝක් මිසයිල
 
රොයිටර් පුවත් සේවයට කරුණු දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙක් කියා සිටියේ සිරියාවේ ප්‍රහාර සඳහා ටොමහෝක් මිසයිල භාවිත කෙරුණු බවකි.
 
ආරක්ෂක ලේකම් මැටිස් පැවසුවේ, පුද්ගලයින් 80 ට වැඩි දෙනෙකුට මරු කැඳවමින් ඛාන් ශෙයිඛුන් නගරයට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව 2017 අප්‍රේල් මාසයේදී එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයට වඩා මෙම ප්‍රහාරය "දෙගුණයක්" වූ බවය.
US Attack 600
බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොටගත් සිරියානු මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂනායතනය පැවසූ පරිදි පෙන්ටගනය පෙන්වා දුන් ඉලක්ක ප්‍රමාණයට වඩා වැඩි ඉලක්ක ගණනකට ප්‍රහාර එල්ල වී ඇති බව පැවසේ.
 
Siriya AirAttack
"විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන, හමුදා කඳවුරු කීපයක් සහ දමස්කස් අගනුවර හා ඒ අවට පිහිටි ජනරජ හමුදා සහ හතරවෙනි සනාංකයේ කඳවුරුවලටද ප්‍රහාර එල්ල වුණා" යනුවෙන් එම ආයතනය පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top