Pasidol

Sathosa

May 16, 2018

හිරබත් කෑ දේශපාලඥයා නිදහස්!

වසර ගණනක් පුරාවට සිරගතව සිටි මැලේසියානු දේශපාලඥයෙකු වන අන්වර් ඊබ්‍රහිම් නිදහස් කර තිබේ.

වරක් මැලේසියාවේ අනාගත නායකයෙකු ලෙස සැලකුණු අන්වර් ඊබ්‍රහිම්, දූෂණය ඇතුළු චෝදනා කිහිපයක් මත 1999 දී සිරගත කිරීමට කටයුතු කළේද එවකට අගමැති ලෙස කටයුතු කළ මහතීර් මොහොමඩ් ය.

කෙසේවෙතත්, ඊබ්‍රහිම් නිදහස් කරගැනීමට හා ඔහුට සමාවක් ඉල්ලා සිටීමට කටයුතු කර තිබුණේ ද මහතීර් මොහොමඩ් ය.

තවත් වසර දෙකක කාලයකින් අගමැති ධූරයෙන් ඉවත් වී එම ධූරයට අන්වර් ඊබ්‍රහිම් පත්වීමට ඉඩකඩ සැලසීමට මොහොමඩ් මහතා පොරොන්දු වී තිබේ.

වසර ගණනාවක් පුරාවට අන්වර් මහතා ගේ නායකත්වය යටතේ කටයුතු කළ මැලේසියානු විපක්ෂය, පසුගියදා පළමු වරට එරට පාලන පක්ෂය පරදවා බලයට ඒමට සමත් විය.

සබැඳි පුවත් :
සිරකළ දේශපාලඥයාට රාජකීය සමාවක්!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top