Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

අප්‍රිකානු බොආබ් ගස් මෙලොවින් තුරන් වෙයිද?

අප්‍රිකාවේ සැවානා තෘණ බිම් වල ඇති දැවැන්ත බොආබ් ගස් ඉතා අභිරහස් අන්දමින් මියගොස් තිබෙන බව විද්‍යාඥයන් පවසයි.

මෙම ප්‍රදේශ වල පැවති පැරණිතම අප්‍රිකානු බොආබ් වෘක්ෂ 13න් 08ක් හා විශාලතම බොආබ් වෘක්ෂ හයෙන් පහක් පසුගිය 12 වසර තුළදී මියගොස් හෝ කොටස් කඩාවැටීමට ලක්ව ඇතැයි ඔවුන් සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේ, රැමේනියාවේ හා ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල සතරක පර්යේෂක පිරිසක් මේ පිළිබඳව සිය සොයාගැනීම් ‘නේචර් ප්ලාන්ට්ස්’ යන ජර්නලයේ පළ කර තිබේ.

මෙම හානිය දේශගුණය වෙනස් වීම හේතුවෙන් සිදුවිය හැකි බවට ඔවුන් අනුමාන කර තිබුණද, එය සනාථ කරනා ඍජු සාක්ෂි තවමත් හමුවී නැත.

ලොව දැවැන්තම වෘක්ෂ විශේෂයක් වන බොආබ්, වසර සිය ගණනක් ජීවත් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top