ඒ අනුව, අද (10දා) දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකරමින් දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරාගැනීම මේ වනවිට අවසන් කර තිබේ.
තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ සිරවූ දරුවන් 12 දෙනාගෙන් දරුවන් 8 දෙනෙකු හතර දෙනා බැගින් බේරාගැනීම ඊයේ (9දා) සහ පෙරේදා (8දා) සිදුවිය.