Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 11, 2018

බේරාගත් තායි දරුවන්ට රෝහල් ප්‍රතිකාර

තායි ගුහාවක සිරවී සිටි ළමුන් හා පිරිසක් හා ඔවුන් ගේ පුහුණුකරු බේරාගැනීම සඳහා දියත් කළ මෙහෙයුම ඊයේ (10) දිනයේදී සාර්ථක ලෙස අවසන් වූ අතර, මේ වන විට එම දරුවන් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියි.

වයස අවු. 11 - 16 අතර සිටින මෙම දරුවන් පිරිස ගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක වුවද ඔවුන් තවමත් නිරෝධායනය (quarantine) කර පරීක්ෂණ වලට භාජනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ, මන්දපෝෂණයට ලක්ව කායික වශයෙන් දුර්වලව සිටින මෙම දරුවන් බැලීමට පැමිණෙන අමුත්තන්ගෙන් ඔවුන්ට රෝග කාරක වන විෂබීජ බෝවීමේ අවදානම අඩු කිරීමය. මීට අමතරව, දින ගණනක් පුරාවට ගුහාවක රැඳී සිටීමෙන් මෙම දරුවන් ද විවිධ රෝගකාරක වලට ගොදුරු වීමේ අවදානමක් පවතින අතර, එම රෝගකාරක පිටස්තරයන් අතර බෝවීමට ඇති අවදානම සලකමින් ද මෙම තීරණය ගෙන තිබේ.

වීදුරු බිත්තියක් අතරන් සිය දරුවන් දැක බලාගැනීමටත් රෝහල් දුරකතන ඔස්සේ ඔවුන් හා කතාබහ කිරීමටත් මෙම දරුවන්ගේ දෙමාපියන් හට පහසුකම් සලසා ඇත.

තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිත්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම දරුවන් රෝහලෙන් පිටව යාමට තව දින හතක්වත් ගතවනු ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top