Pasidol

Sathosa

Jul 12, 2018

ෆේස්බුක් වරදට පවුම් ලක්ෂ 5ක දඩයක්?

ඇමරිකාවේ ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5 ක දඩයක් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමිසම පියවර ගනු ඇතැයි වාර්තාවේ.

ඒ, මතභේදයට තුඩුදුන් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් නීතිවිරෝධී ලෙස ලබාගත් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු මකාදැමූ බවට සහතිකයක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙනි.

මේ සමග බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමිසම විසින් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ අභාවයට පත් මවු සමාගම වන SCL Elections සමාගමට එරෙහිව ද අපරාධ නීති ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දක්වන බව ෆේස්බුක් සමාගම සඳහන් කර සිටියි.

ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ ගිණුම් අවභාවිත වීම සම්බන්ධයෙන් මුලින්ම වර්තා වීමෙන් අනතුරුව, එම සමාගම් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් බොහෝ දෝෂාරෝපණයට ලක්විය. ඔහුට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩල විශේෂ කමිටුවක් හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දීමට පවා සිදුවිය.

තම ගිණුම් හිමියන්ගේ ගිණුම් අවභාවිතා වීම සමබන්ධයෙන් එම අවස්ථාවේදී කණගාටුව පලකර ඇති ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ සිදුවූ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවය. තවද ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතය වැළැක්වීමට නව ආරක්ෂක ක්‍රමවේදයක් කඩිනමින් සකසන බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top