Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 21, 2016

ඔසප් වුනාට පිටමං කළ දැරිය මරුට

ඔසප් වීම හේතුවෙන් කුඩා මඩුවකට පිටමං කළ 15 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ කත්මන්දු අගනුවරට කි.මී. 440ක් බටහිරෙන් පිහිටි අච්චාම් දිස්ත්‍රික්කයේ ගජ්රා නම් ග්‍රාමයෙනි.

මෙලෙස මියගිය රෝෂනී ටිරුවා නම් 15 හැවිරිදි දැරියගේ මළසිරුර පසුගිය සතිඅන්තයේදී ඇගේ පියාට හමුවී තිබේ.

මැටියෙන් හා ගලෙන් සාදා ඇති එම මඩුවේ නිසි ලෙස වාතාශ්‍රයක් නොමැති බවත්, උණුසුම් වීම සඳහා එම මඩුව තුළ ගිනිමැලක් දැල්වීමෙන් අනතුරුව ඇය හුස්ම සිරවී මියගොස් ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

චෞපදී

ඔසප් ක්‍රියාවලිය සිදුවන අතරතුරේදී මෙලෙස නිවසෙන් පිටමං කරනු ලබන්නේ චෞපදී නම් පෞරාණික විශ්වාසයකට අනුවයි.

මෙම විශ්වාසයට අනුව, ඔසප් වීම සිදුවන හෝ දරුවෙකු ප්‍රසූති කළ කාන්තාවන් අපිරිසිදු ලෙස සැලකේ.

ඔසප් වීම සිදුවන කාන්තාවන් තනි කර නොතැබුවහොත් ඔවුන්ට ස්වභාවික විපතක් වැනි කරදර වලට මුහුණදීමට සිදුවන බව නේපාලයේ ඇතැම් දුෂ්කර පළාත් වල වෙසෙන ජනයා විශ්වාස කරයි. මෙලෙස ඔවුන්ව තනිව තැබෙන කාලයේදී ඔවුන්ට නිසි ලෙස ආහර ද ලබා නොදෙයි.

චෞපදී, 2005දී නේපාල රජය විසින් තහනම් කර තිබුණද, බටහිර නේපාලයේ දුෂ්කර පළාත් වල එය තවමත් ක්‍රියාත්මක වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top