Pasidol

Sathosa

Aug 09, 2018

උස්සපු ජනපති ආභරණ හමුවේ!

මෝටර් රථයක තිබූ බොලිවියානු ජනපතිවරයාගේ ආභාරණ කට්ටලයක් සොරාගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස සොරකම් කර ඇත්තේ වසර 200ක් පමණ පැරණි ඓතිහාසික ජනපති පදක්කම හා උරහිස හරහා පළඳන පටියකි (sash).

හමුදා උත්සවයක් සඳහා Cochabamba හි සිටි බොලිවියානු ජනපති - ඊවෝ මොරැලිස් වෙත ගෙන යාම සඳහා බෑගයක බහාලූ මෙම ආභාරණ ද සිය මෝටර් රථයේ දමාගෙන එය භාර ආරක්ෂක නිලධාරියා එල් ඇල්ටෝ ගුවන්තොටුපල වෙත ගොස් තිබේ.

කෙසේවෙතත්, සිය ගුවන්යානය මග හැරීම හේතුවෙන් මීළඟ ගුවන් ගමන සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වන තෙක් එම ආභාරණ මෝටර් රථයේ තබා ගොස් ඇත. මෙම ආරක්ෂක නිලධාරියා යළිත් සිය මෝටර් රථයට පැමිණෙන විටදී එම ආභරණ සහිත බෑගය අතුරුදහන් වී තිබේ.

පසුව, එරට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම ආභරණ සහිත බෑගය පල්ලියකින් සොයාගෙන තිබුණු අතර, එම ආභාරණ වලට කිසිඳු හානියක් සිදුවී නැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ආභාරණ භාරව සිටින නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද අරඹා තිබේ.

කෙසේවෙතත්, මේ හේතුවෙන් ඊයේ දිනයේ දී හමුදා උත්සවයට පැමිණියේ මෙම සාම්ප්‍රදායික ආභරණ නොමැතිවය.

කැරට් 22 රනින් හා මැණික් ඔබ්බවා සෑදූ මෙම පදක්කම වසර 200ක් පමණ පැරණි වන අතර, මෙම ආභරණ ද්විත්වයම සාමාන්‍යයෙන් බොලිවියානු බැංකුවේ තැන්පත් කර තබයි. ඒවා පිටතට ගනු ලබන්නේ උත්සව අවස්ථා වලදී පමණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top