Pasidol

Sathosa

Aug 10, 2018

යේමන් පොළ බෝම්බෙන් ළමුන් 29ක් මරුට

උතුරු යේමනයේ දහ්යාන් නගරයේ පොළ ප්‍රදේශයක පුපුරා ගිය බෝම්බයකින් බස් රථයක ගමන් කරමින් සිටි ළමුන් 29 දෙනෙකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරයි.

ගුවනින් හෙළන ලද මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 43ක් මියගොස් 61 දෙනෙකු තුවාල ලබා තිබේ.

යේමනයේ හුති කැරලිකරුවන්ට එරෙහිව යුද්ධයට සෞදි අරාබිය ප්‍රධානත්වය දරන සන්ධානය විසින් එරට රජයට සහය දෙනු ලබයි.

සිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක නොකරන බව හෙහ සන්ධානය විසින් යළියළිත් ප්‍රකාශ කළද, වෙළඳපොලවල්, පාසැල්, රෝහල් ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන වලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා නගයි.

මේ අතර, යේමනයේ යුද වැදෙන පාර්ශව අතර සාකච්ඡාවක් ලබන මාසයේදී ජිනීවා හි දී පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යේමනය සඳහා වූ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරන, හිටපු බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන මාටින් ග්‍රිෆිත්ස් අදහස් කරන සිටින බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top