Pasidol

Sathosa

Sep 14, 2018

උ. කැරොලයිනාව ෆ්ලොරන්ස් ට සැරසෙයි

ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ නිවාස දසදහස් ගණනකට විදුලි සැපයුම බිඳවැටී ඇතැයි වාර්තා වේ.

මෙම සුළි කුණාටුව අද (14) දිනයේදී උතුරු කැරොලයිනා ප්‍රාන්තයට සමීප වීමට නියමිතය.

මේ වන විට පැයට කි.මී. 150ක වේගයකින් හමා යන ෆ්ලොරන්ස් සුළි කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට අඩුවී ඇති නමුත්, අධික ජලගැලීම් හේතුවෙන් ජීවිත හානි සිදුවිය හැකි බවට එම ප්‍රාන්තයේ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ වන විටත් ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් පුද්ගලයන් මිලියනයකට පමණ නියෝග ලැබී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top