nsb
Sathosa

Sep 14, 2018

වොක්ස්වැගන් බීට්ල් ලබන වසරේදී අහවරයි!

ලොව මෝටර් රථ මාදිලි අතරින් දශක ගණනාවක් පුරාවට ඉහළ ජනප්‍රියත්වයක් ඉසුලූ ‘වොක්ස්වැගන් බීට්ල්’ මෝටර් රථය නිෂ්පාදනය කිරීම 2019 වසරේදී නවතා දමන බව වොක්ස්වැගන් සමාගම පවසයි.

සිය මෙක්සිකෝ නිෂ්පාදනාගාරයේ ‘වොක්ස්වැගන් බීට්ල්’ නිෂ්පාදන කටයුතු ලබන ජූලි මාසයේදී අවසන් කරන බව එම සමාගම සඳහන් කරයි.

අවසන් වරට නිපදවන මෙම මෝටර් රථ කූප් හා කන්වර්ටිබල් මාදිලි දෙකෙන්ම ලබාගත හැකි බවද වොක්ස්වැගන් වැඩිදුරටත් නිවේදනය කර ඇත.

තිස්වැනි දශකයේදී හිට්ලර් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ෆර්ඩිනැන්ඩ් පෝෂෙ විසින් පළමු වරට නිපදවූ ‘වොක්ස්වැගන් බීට්ල්’ මෝටර් රථය එතැන් පටන් දශක කිහිපයක් පුරාවටම විවිධ මුහුණුවරින් වෙළඳපොලට නිකුත් විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top