Pasidol
Sathosa Ad Final Sinhala
Dec 28, 2016

ජපන් අගමැති පර්ල් හාබර් සංචාරයක

ජපානයේ අගමැති ෂින්සෝ අබේ මහතා හවායි දූපත් වල පිහිටි පර්ල් හාබර් ඇමෙරිකානු නාවික කඳවුරේ සංචාරයක නිරත වී තිබේ.

මෙම සංචාරයට ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ද එක්වී ඇති අතර, මෙය, දෙරට නායකයන් එක්ව පර්ල් හාබර් හි සංචාරයක නිරත වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.

වසර 1941දී පර්ල් හාබර් වෙත එල්ලවූ ජපන් ප්‍රහාරය හේතුවෙන් එහි නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු යුදනැව් 08ටම හානි සිදුවූ අතර ඉන් 04ක් ම මුහුදුබත් විය. මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු හමුදා සේවයට අනුයුක්තව සිටි 2,300කට සිය ජීවිත අහිමි විය.

මෙහිදී මියගියවුන් වෙනුවෙන් පුෂ්පෝහාර දැක්වුනු අතර, ජපන් අගමැතිවරයා පවසා සිටියේ යුද්ධයේ ත්‍රාසජනක සිදුවීම් යළි සිදුනොකළ යුතු බව සියලු ජපන් ජාතිකයන් විසින් තබා ඇති නිහඞ පොරොන්දුවක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top