ජූලි මස 31 වෙනිදා ඛර්සන් ප්‍රදේශයේදී එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් 33 හැවිරිදි කැට්රිනා හැන්ඩ්ස්යුක්ගේ සිරුරෙන් 40%ක් පිළිස්සී තිබූ අතර ඇයගේ ඇස්වලට බරපතළ හානි සිදුව තිබිණි.
ඛර්සන් නගර සභාවේ සාමාජිකාවක ද වූ කැට්රිනා, ශල්‍යකර්ම 11කට භාජනය කර තිබිණි.
යුක්රේන් ජනාධිපති පෙත්රෝ පොරොෂෙන්කෝ පැවසුවේ, ඝාතකයින්ට දඬුවම් දෙන බවය. මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇසිඩ් ප්‍රහාරයට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී ද යුක්රේනයේ අසීමිත දූෂණවලට එරෙහිව සටන් කරන ලෙස ඉල්ලා සිටිමින් කැට්රිනා වීඩියෝවක් මුදා හැර තිබිණි.
"මම දන්නවා දැන් මගේ තත්ත්වය නරකයි කියලා. ඒත් අඩු තරමින් මට ප්‍රතිකාර හරි ලැබෙනවා. යුක්රේනයේ යුක්තියට වඩා මගේ තත්ත්වය යහපත්. මොක ද යුක්රේනයේ යුක්තිය වෙනුවෙන් කිසි කෙනෙක් ප්‍රතිකාර කරන්නෙ නැහැ" ඇය එය වීඩියෝව මගින් පවසා තිබිණි.
ඇයගේ මරණය හේතුවෙන් යුක්රේනයේ සමාජ මාධ්‍යවල නොයෙක් ප්‍රතිචාර පළ විය.
(බීබීසී සංදේශය)