nsb
Sathosa

Nov 09, 2018

ජනපති හයිය ගත් ෆර්ඩිගේ බිරියට වරෙන්තු

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ බිරිඳ වන 89 හැවිරිදි ඉමෙල්ඩා මාර්කෝස්ට සිරදඬුවම් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ.

ඇය, පිලිපීනයේ Anti-Graft and Corrupt Practices පනත සත්වරක් උල්ලංඝනය කර ඇති බව අධිකරණය විසින් තීන්දුකර ඇති අතර, මේ සෑම උල්ලංඝනය කිරීමක් සඳහා ඇයට අවු. 6-11 අතර සිරදඬුවමක් හිමිවේ.

නඩු තීන්දුව ලබාදෙන විට මාකෝස් මහත්මිය අධිකරණයේ නොසිටි අතර, ඇයට අත්අඩංගුවට ගන්නා මෙන් මේ වන විට වරෙන්තු නිකුත් කර ඇත.

වර්ෂ 1970 – 1980 දශකයේ දී ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන සමඟ නීතිවිරෝධී ලෙස මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සිය සැමියාගේ පාලන කාලය තුළ සුඛෝපභෝගී ජිවිතයක් ගත කළ ඇය සපත්තු ජෝඩු දහසක් හිමිකර ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වී සිටියාය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර විට ඇය අධිකරණයට පැමිණි නොසිටි අතර සිරදඬුවම් නියම කිරිම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top