Sathosa

Nov 12, 2018

ස්ට්‍රෝබෙරි-ඉඳිකටු භීතිය ඇතිකළ කත අල්ලයි!

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු හමුවීම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පනස් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉතා සංකීර්ණ පරීක්ෂණයකින් පසුව ඇයව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. ඇය අද බ්‍රිස්බේන් අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ විවිධ පළාත්වල අලෙවිකිරීමට තබා තිබූ ස්ට්‍රෝබෙරි වල ඉඳිකටු තිබුණු බවට වාර්තා 100ක් පමණ හෙළිදරව් කර තිබුණද ඇතැම් අවස්ථා හුදෙක් සමාජ මාධ්‍ය සංදර්ශන බවට හෙළිවිය.

කෙසේවුවත්, මේ හේතුවෙන් ස්ට්‍රෝබෙරි අලෙවි කිරීමට අත්හිටුවීමට සුපිරි වෙළඳසැල් කටයුතු කර තිබූ අතර, ස්ට්‍රෝබෙරි ටොන් ගණනාවක් කසළ ලෙස ඉවත්කිරීමට එම ගොවීන්ට සිදුවිය.

මෙම ඉඳිකටු භීතිකාව සෑම ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයක් දක්වා පැතිරුණු අතර, පළතුරු වලට හානි කිරීම සඳහා වූ උපරිම සිරදඬුවම වසර 10 සිට 15 දක්වා දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top