Sathosa

Nov 13, 2018

සූචී ට ඉහළ ගෞරවයක් අහිමි වෙයි!

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් මියන්මාරයේ නායිකා අවුන් සාං සුචී හට පිරිනමා තිබූ ඉහළම ගෞරව සම්මානයක් ඉවත්කිරීමට තිරණය කර ඇති බව එම ආයතනය පවසයි.

මේ බව එම ආයතනයේ මහලේකම් කුමී නයිඩූ විසින් සුචී මහත්මිය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

සුචී හට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් විසින් 'The Ambassador of Conscience Award' සම්මානය ලබා දී තිබුණේ 2009 දීය. ඒ වන විට ඇය නිවාස අඩස්සියේ පසුවිය. මෙය ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානයයි.

රෝහින්ග්‍යා සුළුජාතිය වෙනුවෙන් හඬනැගීමට ඇය අපොහොසත් වීම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටු වන බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top