Sathosa

Nov 16, 2018

කැමර් රූජ් නායකයන් දෙදෙනෙක් වර්ගඝාතන කළැයි ඔප්පුවෙයි

ඉතිහාසයේ පළමුවරට පොල්පෝට් ගේ කැමර් රූජ් රෙජීමයේ නායකයන් දෙදෙනෙකු, වර්ගඝාතන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස නම් කර තිබේ.

මෙලෙස වරදකරුවන් ලෙස නම් කර ඇත්තේ පොල්පොට් ගේ දෙවැන්නා ලෙස සැලකෙන 92 වියේ පසුවන Nuon Chea හා එම රෙජීමයේ රාජ්‍ය නායකයා ලෙස සැලකුණු 87 වියේ පසුවන Khieu Samphan ය.

Cham මුස්ලිම්වරුන් හා වියට්නාම් ජාතිකයන් ඝාතනය කළ බවට චෝදනා යටතේ ඔවුන්ව එක්සත් ජාතීන් ගේ සංගමයේ සහය ලත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කර තිබුණි.

මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් වලට නියම වී ඇති මොවුන් දෙදෙනා, මේ අනුව යළිත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා ඇත.

ජාත්‍යන්තර නීතිය යටතේ වර්ගඝාතනය ලෙස අර්ථකතය කරන ක්‍රියා කැමර් රූජ් රෙජීමය විසින් සිදුකළ බවට නිල වශයෙන් පිලිගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top