Connect with us

විදෙස්

16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්

Published

on

වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වී ඇත.

සමාජ මාධ්‍ය භාවිතයේ ඇති අයහපත් කරුණු සලකමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

අදාළ යෝජනාව ඊයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණි.

ඒ සෙනෙට් සභාවේ ඡන්ද 34ට 19ක් ලෙස සම්මත වෙමිනි.

කෙසේ නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු ඇත.

එම නීතිය කඩකර වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යට පිවිසීමේ අවස්ථාව ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක උපරිම දඩයක් පැනවීමේ අවස්ථාවත් එම නීතිය මගින් පනවා තිබේ.

සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ ප්‍රජාවට සිදුවන හානියෙන් ඔවුන් ආරක්ෂා කිරීමට මෙවන් නීතියක් හඳුන්වාදුන් බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් පවසයි.

කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාවට නැංවීම කෙතරම් සාර්ථක වේ දැයි බොහෝ පාර්ශ්ව සැක පළ කරයි.

විදෙස්

විදෙස් සිසුන්ට හාවර්ඩ් විශ්වවිද්‍යාල දොරටු වැසේ

Published

on

By

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරන දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවට දැනුම් දී ඇති බවද එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවය.

එමෙන්ම ත්‍රස්ත හිතවාදී උද්ඝෝෂකයින් සිටින බවත්, ඔවුන් යුදෙව් සිසුන්ට පහරදීමට කටයුතු කිරීමෙන් විශ්වවිද්‍යාලය තුළ අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 20,000කට වැඩි සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර, ඉන් රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය වන පරිදි විදෙස් සිසුන් 6,800කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ට කටාර් රාජ්‍යයෙන් ලැබුණු තෑග්ග ඇමරිකා රජය පිළිගනී

Published

on

By

කටාර් රාජ්‍යයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන් යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා කටාර් රාජ්‍ය විසින් බෝයි 747 වර්ගයේ ගුවන් යානයක් තැගී ලෙස ලබා දෙන ලදී.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, සියලු නීති රේගුලාසීවලට අනුව අදාළ යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා අදාළ ගුවන් යානය භාවිත කිරීමට පෙර එහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය වනු ඇති බව ධවල මන්දිරය පෙන්වා දී තිබේ.

කටාර් රාජකීය පවුල විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් මෙම ගුවන් යානය අමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයෙන් පසුව එය ඔහුගේ පුස්තකාලයට ලබාදීමට නියමිතය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ  Golden Dome සැලසුම

Published

on

By

ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය.

වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 175කි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,  

“අමෙරිකානු භූමිය විදෙස් මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා කරගන්න නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් සකස් කරන බවට මැතිවරණ ව්‍යාපාරය අතර මම පොරොන්දු වුණා. එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණාම ලෝකයේ අනෙක් කොනේ සිට හෝ අභ්‍යවකාශයේ සිට හෝ පැමිණෙන මිසයිලයකින් වුවත් රට ආරක්ෂා කිරීමට ගෝල්ඩන් ඩෝම් පද්ධතියට හැකියාව පවතිනවා. ඔබ දන්නා පරිදි ඊශ්‍රායලයේ පද්ධතිය සැකසීම අපි සහාය දුන්නා. එය අති සාර්ථකයි. අපි සතුව දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් පවතිනවා”

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 175ක් පමණක් වැය වෙතැයි ට්‍රම්ප් පැවසුවත්, ඊට අමෙරිකානු ඩොලර් බිලියන 500කට ආසන්න වනු ඇති බවයි කොංග්‍රසය ගණන් බලා ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved