Sathosa

Nov 21, 2018

ඉන්ටපොල් මහපුටුව රුසියාවට අහිමිවෙයි

ජාත්‍යන්තර පොලිසියේ (Interpol) නව ප්‍රධානියා ලෙස දකුණු කොරියාවේ කිම් ජෙං-ජැන් තේරී පත්වී තිබේ.

සාමාජික රටවල් 194ක නියෝජිතයන් ගේ සහභාගීත්වයෙන් ඩුබායි හි පැවති ඉන්ටපොල් වාර්ෂික සමුළුවේදී කිම් මහතා මෙම ධූරයට පත්කර ඇත.

ඔහුට රුසියාවේ ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් ද පරාජයට පත්විය. ප්‍රොකොප්චුක් ජයග්‍රහණය කළහොත් ඔහු සිය නව බලය යොදාගෙන රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් විවේචනය කරන්නන් ඉලක්ක කිරීමට කටයුතු කරනු ඇතැයි මීට කලින් මත පළ වී තිබුණි.

කෙසේවෙතත් ඔහු තවදුරටත් ඉන්ටපොල් හි උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කරනු ඇතිබව මොස්කව් බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්ටපොල් හි හිටපු ප්‍රධානියා වන මෙන්ග් හොන්ග්වේ චීනයේ සිටියදී අතුරුදහන් වූ අතර, ඔහු තමා භාරයේ තබාගෙන ප්‍රශ්න කරන බව චීන බලධාරීන් පසුගිය මාසයේදී තහවුරු කර තිබුණි. මේ සමග ඉන්ටපොල් සභාපති ධූරය පුරප්පාඩුව පැවතුණි.

සබැඳි පුවත් :
අතුරුදන් වූ Interpol ලොක්කා චීන රැඳවුම් භාරයේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top