Sathosa

Nov 23, 2018

ද. කොරියාවේ ලොකුම බලු ඝාතකාගාරය වැසෙයි!

දකුණු කොරියාවේ පිහිටි දැවැන්තම බලු ඝාතකාගාර සංකීර්ණයක් වසා දමා ඇතැයි වාර්තා වේ.

දින දෙකක් තුළදී මෙම ප්‍රදේශය පිරිසිදු කිරීමෙන් අනතුරව එය පොදු උද්‍යානයක් බවට හැරවීමට බලධාරීන් විසින් පියවරගෙන තිබේ.

සෝල් අගනුවරට දකුණින් පිහිටි සියොන්නාම් නගරයේ පිහිටා ඇති මෙම බලු ඝාතකාගාර සංකීරණයේ ඝාතකාඝාර 06කට වැඩි ප්‍රමාණයක් තිබුණු බවත්, එහි වරකට සුනඛයන් සියගණනක් රඳවාගෙන සිටි බවත් පැවසේ.

සුනඛ මස්, අතීතයේදී දකුණු කොරියාව තුළ විශේෂිත වූ ආහාරයක් ලෙස සැලකුණද කාලයත් සමග මිනිසුන්ගේ මතමතාන්තර වෙනසකට ලක්ව ඇත.

නිවේදනයක් නිකුත් කරමින් කොරියානු සත්ත්ව අයිතීන් සංවිධානයක් වන Korean Animal Rights Advocates පවසා තිබුණේ මෙය, රටපුරා ඇති සුනඛ ඝාතකාගාර තවදුරටත් වැසී යාමේ ආරම්භයක් සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top